(බී.ජී. චතුරංග)
අනුරාධපුර නගරයට නොකඩවා ඇදහැලෙණ දැඩි වර්ෂාව හේතුවෙන් මහා මාර්ග, නිවාස හා වෙළඳසල් ඇතුළු නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවූ බව අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පැය හතරකට වැඩි කාලයක් අඛණ්ඩව මෙම වර්ෂාව ඇදහැලුණු අතර එය මිලිමීටර 172 ක් ලෙස සටහන්ව තිබූ බව එම මධ්‍යස්ථානය පවසයි.
අනුරාධපුර නව නගර මධ්‍යයේ පිහිටා ඇති කුම්බිච්චන්කුලම වැව පිටාර ගැලීම හේතුවෙන්, අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අසල ප්‍රධාන මාර්ගය පැය කිහිපයක් ජලයෙන් යටව තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයය බාධා ඇතිවිය.
අනුරාධපුර පැරණි පූජා නගරයට ඇතුළු වන ස්ථානයේ, 'මල්වතු ඔය ලේන්' හරහා ඉදි කෙරෙමින් පවතින පාලම ජලයෙන් යටවී තිබූ අතර වැඩ බිමෙහි නවතා තිබූ බවුසරයක් ජල පහරට ගසා ගෙන ගොස් අසල වෙල්යායක නතර වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වර්ෂාව සමග ඇතිවූ දැඩි සුළං තත්වයක් හේතුවෙන් පූජා නගරයේ පිවිසෙන සිංහල කණුව ආසන්නයේ ඇති දුම්රිය නිල නිවාස කීපයකට ගස් කඩා හානි සිදුව ඇත.
අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 10ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවත්, කලා ඔය දෙපස සිටින ජනතාව විමසිලිවත්ව සිටින ලෙස රාජාංගන වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වැස්සෙන් අ’පුරත් ජලයෙන් යටවෙයි