කුඹුරට බැසීමට පෙර ඖෂධ ගන්න මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ පානය කර කුඹුරෙහි වැඩ ආරම්භ කරන ලෙස වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවසීය.අද (28) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 28 November 2019
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට මරණ දඬුවම බහින්බස්වීමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය. 28 November 2019
බුදු පිළිම කැඩූ නඩුවේ 20 දෙනා යළි රිමාන්ඩ් මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 20 දෙනෙක් අද (28) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා තෙක් ඔවුන් යළි රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය. 28 November 2019
යාපනයේ කලපුවකින් පුපුරණ ද්‍රව්‍ය සොයාගනී යාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4 ක් තිබී සොයාගත් බව අද(28) යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 28 November 2019
විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් පරිශ්‍රවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 28 November 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරුවෝ 10ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේදී බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 10දෙනෙකු අද(28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසීය. 28 November 2019
සෙබළියට අතවර කිරිමට තැත් කළ සෙබළා රිමාන්ඩ් යුද හමුදා සෙබළියකට ලිංගික අතවර කිරිමට තැත් කළා යැයි කියන හමුදා සෙබළෙකු දෙසැම්බර් 12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා අද(28) නියෝග කළේය. 28 November 2019
ලංකා වතු සේවා සංගමය තෙවන දිනටත් විරෝධතාවක ලංකා වතු සේවා සංගමයේ සේවකයෝ පිරිසක් අද(28) බ්‍රන්ස්වික් තේ වතුයායේ සමාජ ශාලා ගොඩනැඟිල්ල හා තලවාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධතාවක නිරතවූහ. 28 November 2019
විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට විද්‍යුත් ක්‍රමයට මුදල් ගෙවා හෙරොයින් මත් කුඩු ලබාගෙන ඒවා හම්බන්තොට ධීවරයින්ට විකිණීමේ ජාවාරමක නිතර වු සැකකරුවෙකු හම්බන්තොට ගබඩා හංදිය අසලදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අද (28) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 28 November 2019
රාජ්‍ය ඇමැති ජෝන් සෙනවිරත්න වැඩ අරඹයි ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති ජොන් සෙනෙවිරත්න මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම එම අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි. 28 November 2019
සීල් මත්ස්‍යයින්ට හිරිහැර නොකරන්නැයි ධීවරයන්ට උපදෙස් මේ දිනවල ගාල්ල අවට මුහුදුතීරයට සීල් මත්ස්‍යයින් පැමිණෙන බැවින්, එම මත්ස්‍යයින්ට හිරිහැර නොවන ලෙස ධීවර කටයුතුවල නිරතවන ලෙස ධීවරයින් දැනුවත් කර ඇති බවත් හික්කඩුව වනජීවී උද්‍යාන භාරකරු උත්පල අදාරංග මහතා අද(28) පැවසීය. 28 November 2019
විදුලිබල රාජ්‍ය ඇමැති වැඩ අරඹයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම විදුලිබල අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි. 28 November 2019
මහින්ද සමරසිංහ වැඩ බාරගනී රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (28) ආපදා කළමනාකරණය අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය. 28 November 2019
රිය අනතුරකින් දරුවෙක් මරුට:මව-පියා රෝහලේ තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව ප්‍රදේශයේදී අද (28) අලූයම මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හැපීමෙන් නිසා කුඩා දරුවෙකු මියගොස් මව සහ පියා බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 28 November 2019
මුහුදු කූඩැල්ලන් වගාව නැවත ආරම්භ කිරීමට පියවර දැනට තහනම් කර ඇති මුහුදු කූඩැල්ලන් වගාව නැවත ආරම්භ කිරීමට කටයුතු යොදන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය. 27 November 2019
බෝර 12 තුවක්කු සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අද (27) ඉමදූව වල්පොල දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 27 November 2019
නාගදීප වැවේ පිටවානේ ආරක්ෂාවට තිබූ පස්වැටිය කපලා මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරුන්ගේ අනුදැනුම මත රිදීමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාවට වැව තුළ පිහිටා තිබූ පස් වැටිය කපා දමා ඇතැයි ගොවි සමිති නියෝජිතවරු පවසති. 27 November 2019
පොළොන්නරුවේ කල් ඉකුත් වූ සහල් ගබඩාවකට මුද්‍රා තබයි කල් ඉකුත් වූ සහල් තොග ගබඩා කිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ මහා පරිමාණ සහල් ගබඩාවකට අද(27) මුද්‍රා තැබීමට පියවර ගත් බව පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප්‍රධානි එච්. ජී. සී චන්ද්‍රකුමාර මහතා පැවසීය. 27 November 2019
මධ්‍යම ආණ්ඩුකාර වැඩ අරඹයි පළාත් සභා අද සුදු අලියෙක් බවට පත්ව ඇතැයි චෝදනා එල්ල වන බවත් පළාත් සභා පිහිටුවීමේ අරමුණ යථාර්ථයක් කිරීම පිණිස සියලු දෙනාගේ අවංක කැපවීම අවශ්‍යය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි. 27 November 2019
අගුණකොළපැලැස්ස ප්‍රා. සභාවේ අයවැය සම්මතයි අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වූ අයවැය අද (27) පැවති මාසික රැස්වීමේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 27 November 2019
වගා ළිඳකට වැටී සිටි වන අලියා ගොඩ ගනී හම්බන්තොට මත්තල ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු හම්බන්තොට හා බුන්දල වනජීවී කාර්යාලවල නිලධාරීහු අද(27) ගොඩ ගෙන වනයට මුදා හැරීමට කටයුතු කළහ. 27 November 2019
දළඹු උවදුරින් වඳුරඹ වැසියෝ ගම්හැර යති වඳුරඹ පොලිස් වසමේ, ලේල්වල වතුයායේ දළඹු විශේෂයක් ව්‍යාප්ත වීම හේතුවෙන් පවුල් කිහිපයක් තාවකාලිකව ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 27 November 2019
තවත් මහවිරු සැමරුමක් ධර්මපුරම්හිදී මිය ගිය කොටි ත්රස්තවාදීන්ගේ ඥාතීන් වෙනුවෙන් උපහාර පිදීමේ උළෙලක් කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේ සංවිධානය කර තිබිණි. 27 November 2019
කල්ලඩියේදී යතුරු පැදි දෙකක් ගැටී අයෙක් මරුට මඩකලපුව, කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කල්ලඩිය ප්‍රදේශයේදී අද(26) යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි කාත්තන්කුඩිය පොලිසිය කියයි. 27 November 2019
හොරෙන් සිගරට් ගෙන්වූ අයෙක් අත්අඩංගුවට විදෙස් රටකින් ව්‍යාජ ලෙස ගෙන්වන ලද සිගරට් පැකට් 170ක් සමග පුද්ගලයෙකු ඇල්ල නගරයේදී අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. 27 November 2019
දෙමටගොල්ලට වන අලි කඩා වැදී පවුල් 300ක් පීඩාවට ගල්කිරියාගම, දෙමටගොල්ල ගම්මානවලට හයදෙනෙකුගෙන් යුතු වන අලි රංචුවක් කඩාවැදීම හේතුවෙන්, පවුල් 300ක් පමණ සති ගණනාවක සිට පීඩාවට පත්ව සිටින බව ගම්වාසීහු කියති. 27 November 2019
මාදුරුඔය වනෝද්‍යානයේ ගංජා වගා කළ 5 ක් අත්අඩංගුවට මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ උල්හිටිය අඩවියේ අක්කර තුනක පමණ ප්‍රමාණයක ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයින් පස්දෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව වන ජීවී නිලධාරීහු කියති. 26 November 2019
මෝටර් රථයක් වේල්ලක හැපී සිදුවූ අනතුරකින් 2 ක් රෝහලේ බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හතේ කණුව ප්‍රදේශයේදී අද (26) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය . 26 November 2019
හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි 2020 වසර සඳහා වූ හාලිඇල ප්‍රාදේශීය සභාවේ අයවැය අද (26) සවස වැඩි ඡන්ද 03 කින් සභා සම්මත විය. 26 November 2019
මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටී පහක් රෝහලේ කොට්ටුකච්ච්ය ගල්කුලම ප්‍රදේශයේ අද(26) ත්‍රි රෝද රථයක්, මෝටර් රථයක ගැටී වූ අනතුරින් පස්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය පවසයි. 26 November 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025