(නිමල කොඩිතුවක්කු)
දැනට තහනම් කර ඇති මුහුදු කූඩැල්ලන් වගාව නැවත ආරම්භ කිරීමට කටයුතු යොදන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය.
මෙම මුහුදු කූඩැල්ලන් වගාව ධීවරයින්ට වැඩි ආදායමක් ලබා දෙන වගාවක් බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ධීවරයන් පිරිසක් සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
ඉදිරියේදී සියලුම ධීවරයින් කැඳවා ඔවුන්ගේ ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd