IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නාගදීප වැවේ පිටවානේ ආරක්ෂාවට තිබූ පස්වැටිය කපලා

(රංජිත් කරුණාවීර) 
 
මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරුන්ගේ අනුදැනුම මත  රිදීමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාවට වැව තුළ පිහිටා තිබූ පස් වැටිය කපා දමා ඇතැයි ගොවි සමිති නියෝජිතවරු පවසති.
 
ආඳාඋල්පත හංදිය සිට බටුයාය ගම්මානය හරහා තිස්සපුර දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පස් කපා ඇත.
 
දින කිහිපයක් තිස්සේ මාපාකඩවැව වාරිමාර්ග  ඉන්ජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉන්ජිනේරුවරියක වන නදීකා සමන්මලී මහත්මියගේ අනුදැනුම හා නිර්දේශ මත  මෙම පස්කැපීම් සිදුවන බවත්, මේ හේතුවෙන් වැවෙහි පිටවානට බලපෑම් ඇති වන බවති ගොවි සංවිධාන චෝදනා කරති.
 
ගොවි සංවිධානයේ බලවත් විරෝධය හමුවේ වැවේ පිටවාන ඉදිරිපිට පස් කැපීම අද(27) නතර වු අතර  ගොවි සංවිධාන එකඟතාවයෙන් වැවේ වේල්ලට, සොරොව්වට හා පිටවානට බලපෑම් ඇති නොවන ස්ථානයක පස් කැපීමට සාකච්ඡාවකින් පසුව තීරණය කෙරිණි.
 
සංවර්ධන කටයුතු සඳහා ලැබෙන මුදල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමෙන් පසු ගොවි සංවිධාන හරහා ව්‍යාපෘති සඳහා යෙදවෙන බවත්, බටුයාය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතුද ගොවි සංවිධාන වෙත ලබාදීමට හැකියාව තිබියදී වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ නිලධාරීන් යොදවා ව්‍යාපෘතිය කරවූ බවත්, වැවට හානියක් වන ලෙසත් වැවෙහි පිට වාන ආසන්නයෙන් පස් කැපීම නිති විරෝධී බවත් ගොවි සංවිධානවල පිරිස පවසති.
 
 “අපේ කාර්යාලයේ නිලධාරීන් පස් පරීක්ෂා කිරීමකින් අනතුරුව තමයි පිටවාන ආසන්නයේ පස් කැපුවේ. වාරි ඉන්ජිනේරුවරියක් විදියට ඇති දැනුම අනුව වැවට කිසි හානියක් සිදුවෙන්නේ නෑ කියලා දන්න නිසායි එසේ කළේ. නමුත් ගොවියන්ගේ ඉල්ලීමක් ආවා එම ස්ථානයේ පස් කපන්න එපා කියලා. ඒ අනුව ඒ අයගේද එකඟතාවයෙන් දැන් වෙනත් ස්ථානයකින් පස් කපන්න මම අවසරය දුන්නා” යැයි මේ සම්බන්ධයෙන් මාපාකඩවැව වාරිමාර්ග  ඉන්ජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉන්ජිනේරුවරියක වන  නදීකා සමන්මලී මහත්මිය පැවසුවාය.



අදහස් (0)

නාගදීප වැවේ පිටවානේ ආරක්ෂාවට තිබූ පස්වැටිය කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site