සබරගමුවේ ආණ්ඩුකාර වැඩ අරඹයි සබරගමු පළාත් සභා නව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද ( 25) සබරගමු පළාත් සභාවේ ආණ්ඩුකාර කාර්යාලයදී රාජකාරි ආරම්භ කළේය. 25 November 2019
බලපත්‍ර නොමැතිව ගිනි අවියක් ළඟ තබා සිටි අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව බෝර 12 පතුරොම් තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අද(25) පොතුවිල් ඔරුකමලේ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 25 November 2019
මහඔය නීතිවිරෝධී වැලි ජාවාරම් ගැන චෝදනාවක් අම්පාර මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නීතිවිරෝධීව වැලි ජාවාරම සිදුවෙන බව මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නිලන්ත ගුණවර්ධන මහතා පැවසීය. 25 November 2019
විලී ගමගේ වැඩ අරඹයි දකුණු පළාත් සභාවේ 11 වන ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලී ගමගේ මහතා අද (26) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිය රාජකාරී ආරම්භ කළේය. 25 November 2019
බකමුණේ නිවසක ඝාතනයක් බකමූණ,අත්තනකඩවල ප්‍රදේශයේදී අද (25) අලුයම එක් දරු පියකු ඔහුගේ නිවෙස තුළදී පහරදී මරා දමා ඇතැයි බකමූණ පොලීසිය කියයි. 25 November 2019
යතුරුපැදියේ ගැටී කාන්තාවක ජීවිතක්ෂයට අම්බලන්තොට බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අද (24දා) පාර මාරුවෙමින් සිටි කාන්තාවක් පොලිස් කොස්තාපල්වරයෙකු විසින් පදවන ලද යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්වී ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි. 24 November 2019
ජාකොටු තුළ සිරවී සිටි කැස්බෑවන් බේරා ගනී නාවික හමුදාව විසින් අද (24) මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජාකොටු තුල සිරවී සිටි කැස්බෑවන් 32 දෙනෙකු මුදාගැනීමට කටයුතු කෙරුණි. 24 November 2019
මාතලේ නගරාධිපතිගෙන් පැමිණිල්ලක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ආධාරකරුවන් පිරිසක් තමන් නගරාධිපතිධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බවට පැමිණිල්ලක් අද (24) මාතලේ මුලස්ථාන පොලිසියට කළ බව මාතලේ මහ නගර සභාවේ නගරාධිපති(එ.ජා.ප) ඩල්ජිත් නන්දලාල් අලුවිහාරේ මහතා පැවසිය. 24 November 2019
වන අලියකු පහර දීමෙන් අයෙක් මරුට පොලොන්නරුවල බකමුණ ලබුදුරුවයායේ දී අද (24) තම ගෙවත්තට පැමිණි වනඅලියකු එලවා දැමිමට ගොස් එම අලියා පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි බකමුණ පොලිසිය පවසයි. 24 November 2019
රත්නපුර ප්‍රදේශ කිහිපයකට නාය අවදානම් ලකුණු බළන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන් හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි. 24 November 2019
සැමියා විදේශගතවූ බිරිඳ සොයයි ගෘහ සේවය සඳහා සෞදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16 ක සිට කිසිඳු තොරතුරක් නොමැතිව සිටින දරු පවුලක් රකින සැමියකු පිළිබඳ තොරතුරක් ගලේවෙල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් වාර්තා විය. 23 November 2019
මාදුරුඔය ඇලට වැටී පුද්ගලයකු ජීවිතක්ෂයට මාදුරුඔය ඉසඞ්.ඩී ප්‍රධාන ඇලට අද (23) යතුරුපැදියක් වැටි සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් අද (23) දහවල් 11.00ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි. 23 November 2019
මාදැල් ධීවර කාර්මිකයාගේ සිරුර හමුවේ උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටියදි අතුරුදහන් වූ ධීවරයගේ සිරුර අද (23) දින උදෑසන සින්නපාඩුව වෙරළට ගොඩගසා ඇති බව උඩප්පුව පොලීසිය පවසයි. 23 November 2019
චූඩා මාණික්‍යය අනුරාධපුරයට වැඩමවයි රුවන්වැලි සෑ රදුන්ගේ පැළඳවීම සඳහා නිර්මාණය කරන ලද නව රන් පාදම සහිත චූඩා මාණික්‍යය ඊයේ (22) රාත්‍රී ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා රිය පෙරහැරින් වැඩමවනු ලැබුණි. 23 November 2019
වෙළඳසැළක ගින්නක් බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ටෝරනික උපකරණ අලෙවි කිරීමේ වෙළඳසැළක අද (23) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළදසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි. 23 November 2019
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවෙයි සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු පුද්ගලයාගේ සිරුර සමනල වැව ජලාශයේ තිබී අද (23) හමුවූ බව පොලිසිය පවසයි. 23 November 2019
අල්ලස් ගත් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට පුද්ගලයකුගෙන් රුපියල් 2000 ක අල්ලස් ලබා ගත් පිළියන්දල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය. 22 November 2019
යක්කලමුල්ල අය වැයත් සම්මතයි යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සදහා වු අයවැය ලේඛනය අද පැවති (22) ප්‍රාදේශිය සභා රැස්විමේ දි වැඩි ඡන්ද අටකින් සම්මත විය. 22 November 2019
දරුවෙක් අපයෝජනය කළැයි වසර 17 ක් හිරේට වසර 09කට පෙර බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට කළ බව කියන තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ ලැගුම්හල් හිමියෙකුට වසර 17 බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ,රුපියල් 75000ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (22) නියෝග කෙරුණි. 22 November 2019
කලමුල්ල වෙරළ තීරයේ මළ සිරුරක් උතුරු පයාගල , කලමුල්ල මුහුදු තීරයේ වෙරළට ගොඩගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද (22) හමු වූ බව පයාගල පොලීසිය කියයි. 22 November 2019
ලක්ෂ 45 යතුරුපැදි සොරා ගත් 4 ක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 45 ක් වටිනා යතුරුපැදි 13 ක් සොරාගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු ජාවාරම සඳහා භාවිතා කළ යතුරුපැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 22 November 2019
මාලු අල්ලන්න ගිය ධීවරයෙක් දියේ ගිලී මරුට පරාක්‍රම සමුද්‍රයේ මසුන් ඇල්ලීම සඳහා ගිය ධීවරයකු අද (22) අලුයම දියේ ගිලී මිය ගිය බව පොලොන්නරුව පොලීසිය කියයි. 22 November 2019
ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ 2 ක් අත්අඩංගුවට සෙවනගල හඹරුගල ප්‍රදේශයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක ගල් තලාවක් පුපුරුවා හැර නිදන් හෑරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇතැයි සෙවනගල පොලිසිය පවසයි. 21 November 2019
වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ 9 ක් අත්අඩංගුවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලැබූ වෙළඳුන් 9 ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ නිලධාරීන් පවසයි. 21 November 2019
මීගහකිවුල අයවැයත් සම්මතයි මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය අද (21) වැඩි ඡන්දයෙන් සම්මත විය. 21 November 2019
බළන්ගොඩ ප්‍රා:සභාවේ අයවැය වැඩි ඡන්ද 22කින් සම්මතයි බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද 22කින් අද (21) සම්මත විය. 21 November 2019
විදුලි සංදේශ නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂක ජනරාල් වැඩ අරඹයි පරිගනක ඉංජිනේරුවෙක් මෙන්ම ව්‍යවසායකයකු වන ඕෂද සේනානායක මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද (21) වැඩ බාරගත්තේය. 21 November 2019
ගව සොරකමේ ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට වෑන් රථයකට ව්‍යාජ අංක තහඩු ගසාගෙන ගව සොරකමේ ආ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයකු කිලෝ මීටර් තුනක් පමණ පසුපස හඹාගොස් කලුතර වෙනිවැල්කැටියේ දී වෑන් රථය සමඟ අද (21) අත්අඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය පවසයි. 21 November 2019
හෝමාගම රෝහලේ නොසන්සුන්තාවක් හෝමාගම මූලික රෝහලේ කාර්යාල සහයකවරයෙක්ට,රෝහලේ අපනශාලාවේ සේවකයෙක් පහර දුන්නැයි කියන සිද්ධියක් මුල් කරගෙන මේ වන විට රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තාවේ. 21 November 2019
අලි කඩා වැදී වැලිකන්දේ ගම් තුනකට හානි වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන තුනකට අද (21) අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් නිවාස 12 ක් පමණ කඩා බිද ඒවායේ තිබු වී මලු රැසකට හානි සිදු කර තිබේ. 21 November 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025