(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ගෘහ සේවය සඳහා සෞදි අරාබියේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16 ක සිට කිසිඳු තොරතුරක් නොමැතිව සිටින දරු පවුලක් රකින සැමියකු පිළිබඳ තොරතුරක් ගලේවෙල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් වාර්තා විය.
දහස් වාරයක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, ජනාධිපතිවරයෙකුට, මානව හිමිකම් කොමිසමට ඇමැතිවරුන්ට ලිපි මගින් සහ මුණගැසී තොරතුරු ලබා දුන්නද මෙතෙක් තම බිරිඳ ගැන කිසිඳු තොරතුරක් ලබා නොදීම හේතුවෙන් ලබන ජනවාරි පළමුවෙනිදා තම බිරිඳ ගැන තොරතුරක් ලබා නොදුනහොත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරිපිටට ගොස් සිය දිවි හානි කරගැනීමට මෙම පියා තීරණය කර ඇතැයි හෙතෙම පැවැසීය.
ගලේවෙල නාරංගස් වැව දේවහුව ලිපිනයේ පදිංචිව සිටි ටී .එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව 2005 වසරේ නිවස සාදා ගැනීම සඳහා සෞදි අරාබියේ රැකියාවකට ගිය බව සැමියා වන ආර් . එම් .සුරවීර මහතා කියයි.
බිරිඳ විදේශගත වී මාස තුනකට පසු අසල්වැසි නිවසකට දුරකථනය හරහා කතාකොට මාස 2ක වැටුප් ගෙවන බව ප්‍රකාශ කළ බවත් එහෙත් එදා සිට මේ දක්වාම තම බිරිඳ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව හෙතෙම දැඩි කනස්සල්ලෙන් යුතුව පැවසීය.
දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සමග ඉතා අසරණව ජීවත් වූ මෙම පියා කියා සිටියේ තම දියණියන් දෙදෙනා විවාහ වී පුතා කුඩා අවධියේ මව ගිය බවයි. දැන් තම පුත්‍රයාට වයස අවුරුදු 19ක තරුණයෙක් බවත් ඔහු මෙතෙක් අම්මා දැක නැති බව ද ඔහු පැවසීය.
වසර 16ක පමණ කාලයක සිට රටේ පැවති සියලුම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට විදේශ ඇමතිවරුන්ට, ජනාධිපතිවරුන්ට ලිඛිතව සහ වාචිකව මේ පිළිබඳව දැනුම් දුන් බවත් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි දේවාලවලට ගොස් විශාල මුදලක් වියදම් කළ බවත් මේ වන විටත් තම කුඹුර පවා උකස් කොට රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් බිරිඳ සෙවීමේ කටයුතු වල නිරතව සිටින බව ඔහු කීවේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සැමියා විදේශගතවූ බිරිඳ සොයයි
අනුර Sunday, 24 November 2019 10:05 AM
මා මෙම පුවත කියවා අතිශයින්ම කණගාටු වෙමි. මේ හා සිදුවීම් වලින් පසුතැවිලි වන පවුල් එමටය. ඔවුන්ට උපකාර කිරීමට නිසි ක්‍රමවේදක් ලංකාවේ ස්ථාපිත කළ යුතුයි. ලංකා රජය මැදිහත්ව මොහුගේ ප්‍රශ්නයට ඉතා ඉක්මන් විසදුමක් ලැබේවා යි මා අවංකව ප්‍රාර්ථනා කරමි.
sisira Sunday, 24 November 2019 11:08 AM
අනේ පව් මේ අසරණ මනුස්සයට කවුරු හෝ කෙනෙක් පිහිට වෙන්න. ඒ පිනම නිවන් දකින්නට හේතු වෙයි