IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දරුවෙක් අපයෝජනය කළැයි වසර 17 ක් හිරේට

 (දිලීප් ජයසේකර)
වසර 09කට පෙර බාලවයස්කාර පිරිමි දරුවෙකු බරපතළ ලිංගික අපයෝජනයට කළ බව කියන  තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ ලැගුම්හල් හිමියෙකුට වසර 17 බරපතළ වැඩ සහිත සිර දඩුවමක් ,රුපියල් 75000ක දඩ මුදලක් හා  රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද  (22) නියෝග කෙරුණි.
 
 මෙලෙස දඩ වන්දි හා සිර දඩුවම් නියම වුයේ තිස්සමහාරාම , ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදෙරු පියෙකුටය.
 
 චුදිත 2010 වසරේ ජනවාරි මස 25 වන දින තිස්සමහාරාම ප්‍රදේශයේ පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි බාල වයස්කාර දරුවෙකු රවටා සිය ලැගුම් හලට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
 
චුදිත මෙම බාලවයස්කාර දරුවා සිය ලැගුම් හලට රැගෙන යනු අසල්වැසි කාන්තාවක දැක ඒ පිළිබදව දරුවාගේ මවට පවසා තිබේ.ඒ අනුව දරුවාගේ මව විසින් දරුවාගෙන් කළ විමසීමේදී දරුවා මවට පවසා ඇත්තේ චුදිත ඔහුට ලිංගික අපයෝජනයට පක් කළ බවයි.
 
 ඒ අනුව දරුවාගේ මව සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට පැමිණිලි කර තිබේ.
 
 ලද පැමිණිල්ලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරම පොලිසිය විසින් විමර්ෂණ ආරම්භ කෙරුණු අතර සිද්ධියට අදාල මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව හම්බන්තෙට මහාධිකරණයේ අධිචෝදනා 04ක් යටතේ නඩු පවරණ ලදි.එහිදී පැවති නඩු විභාගයේදී චුදිට එරෙහිව නගා තිබු අධි චෝදනා දෙකකට සැකකරුර වැරදි කරු බවට ඔප්පු වීය.ඒ අනුව සැකකරුට දඩුවම් නියම කෙරුණි.
 
 චුදිතට පළමු චෝදනාව සදහා වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 25000/=ක දඩ මුදලක් නියම කෙරුණි.චුදිත දඩ මුදල් නොගෙවන්නේ නම් තවදත් වසර එකක සිර දඩුවමක් නියම කෙරුණි.එමෙන්ම චුදිත දෙවන චෝදනාවටද වැරදි කරු බවට ඔප්පු වීම හේතුවෙන් චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර රුපියල් 50,000/= දඩ මුදලක්ද නියම කෙරුණි.දඩ මුදල් නොගෙවන්නේ නම් වසර 05 සිර දඩුවමක්ද නියම කෙරුණි.මිට අමතරව අගතියට පත් දරුවාට  රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා නියෝග කළ අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර 05 ක සිර දඩුවමක් නියම කෙරුණි.
 
 
 



අදහස් (1)

දරුවෙක් අපයෝජනය කළැයි වසර 17 ක් හිරේට

chandra weerasinghe Saturday, 23 November 2019 01:53 AM

ශ්‍රී ලංකාවේ පිරිමි දරුවන් අපයෝජනය කළ අයට ප්‍රසිද්ධියේ කස පහර දී සෑහෙන සිර දඬුවමක්ද දිය යුතු වේ. දරුවාගේ දෙමව්පියන්ටද අපයෝජනය කළවුන් විසින් වන්දි මුදලක් දී දරුවාට ඇති වූ මානසික පීඩනය සඳහා සුදුසු ප්‍රතිකාර ද ලබා දිය යුතු වන්නේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site