ළමා නිවාසයේ දැරියක අපයෝජනය කළ කළමනාකරු රිමාන්ඩ් අධිකරණ නියෝගයක් මත හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ළමා නිවාසයේ පාලක කළමනාකරු ලබන 20වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (18) නියෝග කළාය. 18 November 2019
ප්රචණ්ඩ ක්‍රියා සොයාබලන්නැයි පොලිස්පතිට ලිපියක් ජනාධිපතිවරණ දිනයෙන් පසු ප්රචණ්ඩ ක්‍රියා වාර්තා වීම් සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත. 18 November 2019
යුද හමුදාව වගා ළිඳට වැටුණු මවක බේරාගනී කිලිනොචිචියේ විශ්වමඩු ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි එක්දරු මවක බේරාගැනීමට යුද හමුදා 6 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිසක් සමත්වූ බව කිලිනොචිචි ආරක්ෂක සේනා මූලස්ථානය කියයි. 18 November 2019
දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 5 ක් රෝහලේ හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදී දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි. 17 November 2019
බහන් බස් වීමක් දුරදිග ගොස් සිදුවූ පහරදීමකින් 2 ක් රෝහලේ බණ්ඩාරවෙල දකුණු කැඹිල්වෙල ප්‍රදේශයේදී අද (17) මැතිවරණය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල සහ දියතලාව මූලික රෝහල්වලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 17 November 2019
විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය. 17 November 2019
පුද්ගල ඝාතනයකට අයෙක් අත්අඩංගුවට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු අද(17) වැල්ලව ආදාවෙල්යාය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය කියයි. 17 November 2019
පොහොට්ටුවේ ආධාරකරුවෝ පෙළපාළි යති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමටත් පෙර බලන්ගොඩ ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතාව බලන්ගොඩ නගරයේ විදී බැස අද (17) පෙළපාළි ගියහ. 17 November 2019
බලන්ගොඩ වේ ගඟේ කාන්තාවකගේ මළ සිරුරක් බලන්ගොඩ, වේ ගඟේ ජල පහරට ගසාගෙන යමින් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් අද (17) ඇල්ලේපොළ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිසිය පවසයි. 17 November 2019
බෙලිඅත්ත ප්‍රා.සබේ මන්ත්‍රීවරයෙකු පහරදුන්නැයි අයෙක් රෝහලේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු පහර දුන් බව කියමින් දෙදරු පියකු බෙලිඅත්ත දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව බෙලිඅත්ත පොලිසිය කියයි. 17 November 2019
කල්පිටිය දුපත්වැසියෝ මොහොත්තුවාරාම දුපතේ දී ඡන්දය භාවිතා කරති කල්පිටිය දුපත් වලල්ට අයත් දුපත් වැසියන් වැසියන් අද (16) දින මොහොත්තුවාරාම දුපතේදී සිය ඡන්දය භාවිතා කිරීම සිදු කළ බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච් එම්.චිත්රාන්නද මහතා පැවසීය. 16 November 2019
ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී 7 ක් රෝහලේ පුත්තලම-අනුරාධපුර මාර්ගයේ අලුත්ගම කිලෝමීටර් 30 කණුව ආසන්නයේදී අද (16) ත්‍රීරෝද රථයක් අනතුරුට ලක්වීමෙන් එහි ගමන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවට සාලියවැව පොලිසිය කියයි. 16 November 2019
දහවල් 12 වනවිට පොලොන්නරුවේ සියයට 55 ක් ඡන්දය ප්‍රකාශ කරයි ජනාධිපතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අද (17) දහවල් 12.00 වනවිට සියයට 55 ක් පමණ බව දිස්ත්රික්තේරීම් භාර නිලධාරි පණ්ඩුක අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 16 November 2019
මධ්‍යහන 12 වනවිට ගාල්ලේ සියයට 50 ක් ඡන්දය ප්‍රකාශ කරයි ජනාධිපති මැතිවරණය වෙනුවෙන් අද (16) මධ්‍යහන 12 වනවිට සියයට 50 ක් ඉක්මවූ ඡන්දදායකයින් ප්‍රමාණයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සිය ඡන්දය ප්‍රකාශකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. 16 November 2019
හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 November 2019
අධිකරණ කාර්යාලයේ කාර්ය සහයකවරයෙක් රිමාන්ඩ් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අයත් රුපියල් 223,916 ක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අධිකරණ කාර්යාලය කාර්ය සහයක නොවැම්බර් 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ දිසා අධිකරණයේ විනිසුරු එච්.එම්.ඩී.ආර්. විජයරත්න මහත්මිය අද (15) නියෝග කළාය. 15 November 2019
කෝටි දෙකක වාහන සොරා ගත් 8 ක් අත්අඩංගුවට රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු ත්‍රි රෝද රථ හා යතුරුපැදි සොරාගෙන ඒවා වර්ණ ගන්වා හා අමතර කොටස් ලෙස විකිණූ සංවිධානාත්මක සොර කල්ලියක සාමාජිකයන් අටදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 15 November 2019
කේරළ ගංජා රැගෙන උසාවියට ගිය අයෙක් අත්අඩංගුවට සිය ඉණෙහි කේරළ ගංජා සඟවාගෙන බදුල්ල අධිකරණ සංකීර්ණයට ඇතුළත් වීමට තැත් කළ පුද්ගලයෙකු අද (15) එම අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව භාර පොලිස් ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන බදුල්ල පොලීසියට භාර දී තිබේ. 15 November 2019
කංසා හේන් 3ක් වටලා අයෙක් අත්අඩංගුවට තණමල්විල කුමාරගම සූරිආර ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී කංසා හේන් 3ක් වටලා එක් පුද්ගලයකු අද(15) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති. 15 November 2019
වලවේ ගඟේ අනවසරෙන් මැණික් ගැරූ අයෙක් අත්අඩංගුවට බලන්ගොඩ බටුගම්මන ප්‍රදේශයේදී අධි තාක්ෂණික උපකරණ යොදාගෙන වලවේ ගඟේ අනවසරයෙන් මැණික් ගැරූ අයෙක් අද(15) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය කියයි. 15 November 2019
වල්ලාපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලයි කනංකේ ගල්ලල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට කැබලි 157 ක් , වල්ලාපට්ටා කුඩු කිලෝ 58 ක් සහ ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක් ඇතුළු සැකකරුවෙකු අද (14) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලය පවසයි 14 November 2019
ඩෙංගු මදුරුවන් බෝකළැයි බණ්ඩාරවෙල පාසල් 8කට නඩු ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයේ පරිශ්‍ර පවත්වාගෙන ගිය, බණ්ඩාරවෙල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් පාසල් 8කට අද(14) නඩු පැවරූ බව මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ. ආර්. දිසානායක මහතා පැවසීය. 14 November 2019
කේරළ ගංජා කිලෝ 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට රත්නපුරයේ ගංජා අලෙවි කිරීමේ ජාවරමක ප්‍රධාන සැකකරු යැයි සැකකරන පුද්ගලයෙකු කේරළ ගංජා කිලෝග්‍රෑම් 6ක් ග්‍රෑම් 900ක් සමඟ රත්නපුර මාරපන පහලවෙල ප්‍රදේශයේ නිවසකදී අද(14) අත්ඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි. 14 November 2019
ලක්ෂ 7ක රන් භාණ්ඩ සොරාගත් අයෙක් අත්අඩංගුවට රත්නපුර, සමඟිපුර ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ හතක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු අද(14) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. 14 November 2019
අම්බලන්තොට ප්‍රා. සභාවේ අයවැය සම්මතයි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය කෙටුම්පත වැඩි ඡන්ද 17 කින් අද(14) සම්මතවිය. 14 November 2019
මාධ්‍යවේදියාට පහරදුන්නැයි හබරාදූවේ විරෝධතාවක් හබරාදූව මීපෙ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාට සිව්දෙනෙකු පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය හෙළා දකිමින් අද(14) හබරාදුව බස් නැවතුම්පොළ අසළදි විරෝධතාවයක් පැවැත්විණි. 14 November 2019
හපුතලේ ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය. 14 November 2019
පොලිස් නිෂ්කාශන අයදුම්පත් බාර ගැනීමේ අංශය තාවකාලිකව වහයි කොළඹ 01 ඕල්කට් මාවතේ පිහිටි පොලිස් නිෂ්කාශන අයදුම්පත් භාර ගැනීමේ අංශය අද(14) සිට (18) වැනි දින දක්වා තාවකාලිකව වසා දමා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 14 November 2019
මුදල් වංචා කළ අයෙකු සෙවීමට මහජන සහය පතයි ලියාපදිංචි නොකළ රථයක් ජපානයේ සිට මෙරටට ගෙන්වා දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 27 ක මුදලක් වංචා කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට වංචා විමර්ශන අංශය මහජන සහය පතයි. 14 November 2019
දරුවකු අපයෝජනය කළ වියපත් පුද්ගලයෙක් අත්අඩංගුවට බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ බව කියන වියපත් පුද්ගලයෙකු නැලවගමදි අද(14) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි. 14 November 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025