IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රචණ්ඩ ක්‍රියා සොයාබලන්නැයි පොලිස්පතිට ලිපියක්

(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපතිවරණ දිනයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීම් සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් කරන්නැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා  නිරීක්ෂණ මධ්‍යස්ථානය වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරණ දිනයෙන් පසුව තැනින් තැන වාර්තා වන සිදුවීම් රටේ සාමකාමී තත්ත්වය අභියෝගයට ලක්කරන තැන දක්වා වර්ධනය නොවිය යුතු බැවින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් එවැනි ඉල්ලීමක් කළේ යැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ජනාධිපතිවරණ දිනයේ සහ ඊට පසු දිනයේ තම සංවිධානයට පැමිණිලි 16 ක් ලැබුණේ යැයි ද පහර දීම්, ගිනි තැබීම්, රතිඤ්ඤා දමා බියගැන්වීම්, නිවාස හා දේපොළවලට අලාභහානි කිරීම්, පොදු දේපළට අලාභ කිරීම්, දුරකථන මගින් මරණ තර්ජන කිරීම් ආදී සිදුවීම් ඊට අන්තර්ගත යැයි ද ගජනායක මහතා කීය.

බණ්ඩාරගම, වාරියපොළ, වෙන්නප්පුව, සෙට්ටිකුලම, දළුපන, වැල්ලවාය යන පෙදෙස්වලින් මෙම සිදුවීම් වාර්තා වී ඇතැයි කී හෙතෙම ඒවා බොහෝමයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආධාරකරුවන්ට එරෙහිව ලැබුණු පැමිණිලි යැයි ද පැවසීය.

ඒ අනුව අදාළ සිදුවීම්වල තොරතුරු ඇතුළත් කරමින් අදාළ ලිපිය වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළේ යැයි ගජනායක මහතා කීය.

සුළු සිද්ධි වුවද ප්‍රවණතාවයක් වශයෙන් මතු වුවහොත් ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම් දක්වා වර්ධණය වීමේ අනතුරක් පවතින බැවින් එම සිද්ධි ගැන නොපමාව විශේෂ අවධානයක් යොමුකරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ඒ මහතා කීවේය.

පූර්ව මැතිවරණ කාලයේදී ආරක්ෂා කරගත් යහපත් දේශපාලන සංස්කෘතිය ජනාධිපතිවරණයෙන් පසුව ද ආරක්ෂා කරගැනීම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අතිශය වැදගත් යැයි ද ඊට සියලු දේශපාලන නායකයන් කැප විය යුතු යැයි ද ගජනායක මහතා සඳහන් කළේය.

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ද ලිඛිතව දැනුවත් කළේ යැයි ද මංජුල ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ප්‍රචණ්ඩ ක්‍රියා සොයාබලන්නැයි පොලිස්පතිට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site