(ඩී.කේ.රත්න)
හපුතලේ ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂයේ අයවැය ලේඛනය මාසික මහ සභා වාරයේ දී වැඩි ඡන්ද 11 කින් අද (14) සභා සම්මත විය.
හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති බී.කන්දසාමි මහතා විසින් මෙම අයවැය ලේඛනය මාසික මහ සභා වාරයට ඉදිරිපත් කෙරිණි.
අයවැය විවාදයෙන් පසුව සිදුකළ ඡන්ද විමසීමේ දී මෙම අයවැයට පක්ෂව ඡන්ද 12 ක් ද විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු 7 දෙනා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පස් දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා පමණක් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුදත් අරුණ රංජන මහතා සභා ගැබේ නොසිටියේය.
හපුතලේ ප්‍රාදේශීය සභාව මන්ත්‍රීවරුන් විසි දෙනෙකුගෙන් සමන්විත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු හතක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු පහක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු හතකගෙන් සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විතය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හපුතලේ ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි