(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සවස් කාලයේදී ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්ද පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සබරගමුව, මධ්‍යම, ව්‍යඹ සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස පස්වරු 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව ද ඔහු ප්‍රකාශ කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලද වැසි ඇති වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
හෙට පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි