(දයාරත්න ඇඹෝගම)
බාල වයස්කාර දරුවෙකු අපයෝජනය කළ බව කියන වියපත් පුද්ගලයෙකු නැලවගමදි අද(14) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ හල්මිල්ලැව, නැලවගම පදිංචි 60 හැවිරිදි විවාහකයෙකි.
අපයෝජනයට ලක්වූ බව කියන දරුවා 13 හැවිරිදි වියේ පසුවන්නකු බවද, මෙම දරුවාගේ මව විදෙස්ගතව ඇති බවද, ඔහු සිය මිත්තණියගේ නිවසේ සිට පාසල් යන එන බවද පොලිසිය කියයි.
සැකකරු මෙම දරුවා සිය නිවෙසට කැඳවා මුදල් ලබාදී කිහිප අවස්ථාවකදීම අපයෝජනය කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
සැකකරු අද(14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දරුවකු අපයෝජනය කළ වියපත් පුද්ගලයෙක් අත්අඩංගුවට