IMG-LOGO

වල්ලාපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලයි

(එස්. ඩි.කොඩිකාර සහ එන් .කේ ඉන්ද්‍රවංශ)

කනංකේ ගල්ලල ප්‍රදේශයේ නිවසක රහසිගතව පවත්වාගෙන ගිය වල්ලපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලා වල්ලපට්ට කැබලි 157 ක් , වල්ලාපට්ටා කුඩු කිලෝ 58 ක් සහ  ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක් ඇතුළු සැකකරුවෙකු අද (14)  අත්අඩංගුවට ගත් බව අකුරැස්ස අඩවි වන කාර්යාලය පවසයි

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු බව අඩවිවන කාර්යාලය සඳහන් කරයි.

අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර මෙහිදී තෙල් සිඳීමට යොදා ගන්නා මෙරට නිෂ්පාදිත සුදු යකඩ බොයිලේරු දෙකක් ,ගෑස් සිලින්ඩර දෙකක්, ගෑස් ලිප් දෙකක් ඇතුළු පෙරුම් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

කාලාන්තරයක් තිස්සේ  සැකකරු මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර වන රක්ෂිතයක් ආසන්නයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට වැටලීම සිදු කළ අඩවි වන නිලධාරී කාර්යාලය උසස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ඇප බැඳුම් කරයක් මත නිදහස් කර ඇති අතර ඉදිරි දිනකදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර  සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස අඩවි වන කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (1)

වල්ලාපට්ටා තෙල් සිඳීමේ ස්ථානයක් වටලයි

lalithm Friday, 15 November 2019 07:13 AM

මොනවා කළත් අල්ලනවා. මේවා නිවැරදි විදියට කරන හැටි ප්‍රසිද්ධ කරන්න. රටට ආදායමකුත් මිනිසුන්ට රැකියාත් ලැබෙන විදියට. රටේ වවන්න පුළුවන් දෙයකින් ආදායමක් ගන්න එක වරදක් වෙන්නේ රක්ෂිතයකින් ගස් කැපුවොත් විතරයි නොවේද?

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 439 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1941 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site