(ටී.කේ.ජී.කපිල)
විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.
අත්අඩංගුවට පත් කාන්තාව කුඹුක්වැව , නිකගොල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බව වීරකෝන් මහතා පැවසීය.
ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලුවල රුපියල් 22,51,200 ක් වටිනා දුම්වැටි 37,520 ක් අඩංගු , දුම්වැටි කාටූන් 126 ක් සහ පැකට් 616 ක් සඟවාගෙන සිටිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd