(ඩී.ජී.සුගතපාල)
අධිකරණ නියෝගයක් මත හබරාදුව හරුමල්ගොඩ ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා සිටි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ළමා නිවාසයේ පාලක කළමනාකරු ලබන 20වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය අද (18) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ දොන් විතාරණගේ නන්ද දයානාථ නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි.
මවගේ දෙවන විවාහයේ සැමියාගෙන් අපයෝජනය වූ බව කියන සිදුවීමක් හේතුවෙන් අධිකරණ නියෝගයක් මත 15 හැවිරිදි දැරිය මෙම ළමා නිවාසයේ රඳවා තිබිණි. ඇයගේ මිත්තණිය ඇය බැලීමට ළමා නිවාසයට ගිය අවස්ථාවේ දැරිය පවසා ඇත්තේ පාලකවරයා අවස්ථා කිහිපයකදී තමා අපයෝජනය කළ බවය.
මිත්තණිය පරිවාස නිලධාරීන්ට සිද්ධිය පැවසීමෙන් පසු ඔවුන් ජාතික ළමා රක්ෂක අධිකාරියට දන්වා තිබේ. ජාතික ළමා රක්ෂක අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමක් අනුව හබරාදුව පොලිසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
හබරාදුව පොලිසියේ සැරයන්වරුන්වන විමල්(32012) පියසිරි(24439) යන මහත්වරුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා නිවාසයේ දැරියක අපයෝජනය කළ කළමනාකරු රිමාන්ඩ්
දිමුත් Monday, 18 November 2019 10:27 AM
ඔය වැනි ස්ථානවල සේවයට බඳවා ගැනීමට පෙර මේ මිනිසුන්ගෙ චරිතය සොයාබැලීමක් කරන්නේ නැද්ද?