IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


මාධ්‍යවේදියාට පහරදුන්නැයි හබරාදූවේ විරෝධතාවක්

(ඩී.ජී.සුගතපාල සහ  සුමතිපාල දීයගහගේ)
 

හබරාදූව මීපෙ පදිංචි නිදහස් මාධ්‍යවේදියෙකු වන ලසන්ත විජේරත්න මහතාට සිව්දෙනෙකු පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය හෙළා දකිමින්  අද(14) හබරාදුව බස් නැවතුම්පොළ අසළදි විරෝධතාවයක් පැවැත්විණි.
 
මෙම  විරෝධතාවයට හබරාදුව එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ. විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවය පැවැත්වූහ.
 
මැතිවරණ නීති අනුව විරෝධතා පැවැත්වීම නීති විරෝධී බව පොලිසිය ඔවුන්ට පැහැදිලි කරදුන් නමුත්, විරෝධතාකරුවෝ එයින් ඉවත් නොවී එහිම රැඳී සිටියහ. මේ හේතුවෙන් ඔවුන් සහ පොලිසියව අතර උණුසුම් තත්වයක් හටගැණිනි.
 
එහිදී පොලිසිය විරෝධතා පුවරු සහ පෝස්ටර් විරෝධතාකරුවන්ගෙන් ලබාගෙන වහාම පිටව යන ලෙසත් නැතිනම් අත්අඩංගුවට ගන්නා බවත් පැවසූහ. ඒ අනුව විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (0)

මාධ්‍යවේදියාට පහරදුන්නැයි හබරාදූවේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32048 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14516 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site