(විජේරත්න රත්නායක)
සිය ඉණෙහි කේරළ ගංජා සඟවාගෙන බදුල්ල අධිකරණ සංකීර්ණයට ඇතුළත් වීමට තැත් කළ පුද්ගලයෙකු අද (15) එම අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව භාර පොලිස් ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන බදුල්ල පොලීසියට භාර දී තිබේ.
නඩු කටයුතු ඇතුළු අවශ්‍යතා සඳහා අධිකරණ සංකීර්ණයට ඇතුළු වන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු අසාමාන්‍ය ලෙස හැසිරී ඇති බවත්, ඔහුගේ ඉණේ යම් දෙයක් සඟවාගෙන සිටින බව නිලධාරීන් නිරීක්ෂණය කළ බවත් පොලිසිය කියයි.
ඒ අනුව එම පුද්ගලයා වැඩිදුර පරීක්ෂා කිරීමේදී සඟවාගෙන සිට ඇත්තේ කේරළ ගංජා බව හඳුනාගෙන තිබේ.
ඔහු සතුව ග්‍රෑම් තුනකට ආසන්න කේරළ ගංජා ප්‍රමාණයක් තිබූ බවත් එම ගංජා සමඟ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල මූලස්ථාන පොලීසියට භාරදුන් බවත් බදුල්ල අධිකරණ සංකීර්ණයේ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ඩී.එම්.පියසේන මහතා සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරළ ගංජා රැගෙන උසාවියට ගිය අයෙක් අත්අඩංගුවට