හලාවත මුහුදු තීරයේ තිබී ජීව අත්බෝම්බයක් හමුවෙයි මුහුදු වෙරළට පැමිණි අයෙකු අද ( 21 ) උදේ වෙරලේ ඇවිදින අවස්ථාවේදී පොලීතින් උරයක් දැක සැක සිතී ඒ බව හලාවත පොලිසියට දන්වා තිබේ. 21 November 2019
බලපත්‍ර නැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මී ගවයින් සහ එළ ගවයින් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බව කියන දෙදෙනකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු පවසති. 21 November 2019
කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට පොලොන්නරුව , කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 20 November 2019
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ් විදේශ රටවල රැකියා දෙන බව කියා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කර, සැගව සිටියදී අත්අඩංගුවට ගත් සංචාරක ව්‍යාපාරිකයකු දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(20) නියෝග කළාය. 20 November 2019
ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් දෙවැනි බස උගැන්වීම සඳහා ආරම්භ කළ ගුරු පුහුණු පාඨමාලාවක් ජනාධිපතිවරණයෙන් පසු අතරමග නතර වී ඇතැයි එම පාඨමාලාවට සම්බන්ධ වී සිටින පිරිසක් චෝදනා කරති. 20 November 2019
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 7 දෙනෙකු රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ඇනීමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත් දෙනෙකු අද (20) බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධරින් එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය. 20 November 2019
වැඩි මිලට තිරිඟු පිටි විකිණූ 25 කට නඩු වැඩිමිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළෙදුන් 25 දෙනෙකුට විරුද්ධව නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද (20) පියවර ගත්තේය. 20 November 2019
ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටී අයෙක් මරුට හම්බන්තොට සිට වීරවිල දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක් වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් වූ අනතුරකින් අද(20) පුද්ගලයෙක් මියගොස් ඇතැයි වීරවිල පොලීසිය පවසයි. 20 November 2019
ඉන්දීය විදේශ අගමැති විපක්ෂ නායක හමුවෙයි කෙටි සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ඊයේ (19) පස්වරුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. 20 November 2019
අධිකරණයට අපහස කර වරද පිළිගත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම් අධිකරණයේ නඩු කටයුතු පැවැත්වෙමින් සිටියදී නඩු කටයුතුවලට බාධා වන අයුරින් හැසිරී අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් පුද්ගලයකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (20) දඩයක් සහ බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර සිරදඬුවම දස වසරකට අත් හිටුවනු ලැබිය. 20 November 2019
ගාල්ලේ ගොඩනැගිල්ලක ගින්නක් - දෙදෙනෙක් රෝහලේ ගාල්ල, හිරිඹුර, ගලගෙඩිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක අද(20) ඇති වූ ගින්නක් හේතුවෙන්, ශ්වසන අපහසුතාවට පත්වූ සේවකයන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ගාල්ල පොලිසිය කියයි. 20 November 2019
ජේලර්වරු බඳවා ගැනීමේ පරීක්ෂණයක් අද සහ හෙට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2 වන ජේලර්වරුන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද (20) සහ හෙට (21) බන්ධනාගාර මුලස්ථානයේ දී පැවැත්වේ. 20 November 2019
මනම්පිටිය ටිපර් රථ රියදුරන් සාමකාමී විරෝධතාවයක මනම්පිටියේ වැලි මාෆියාවට එරෙහිව ටිපර් රථ රියැදුරෝ අද (20) පෙරවරුවේ පොලොන්නරුව කඳුරුවෙළ දී සාමකාමී විරෝධතාවක නිරත වූහ. 20 November 2019
අවුරුදු තුනක දැරියක් ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට අවුරුදු තුනයි මාස හතරක් වයසැති කුඩා දැරියක්ව ඝාතනය කළ 24 හැවිරිදි විවාහක කාන්තාවක් අද (19) සැකපිට අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි. 19 November 2019
පොලිස් කොස්තාපල්වරියකගේ බෑගය උදුරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට දුම්රියේ ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකගේ අත් බෑගය උදුරාගෙන පලාගිය පුද්ගලයෙකු අද (19) ගම්පහ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව මීරිගම පොලිසිය කියයි. 19 November 2019
හල්දුම්මුල්ල ප්‍රා.සභාවේ 2020 අයවැය තීරක ඡන්දයෙන් සම්මත වෙයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ 2020 අයවැය ලේඛනය තීරක ඡන්දයෙන් අද (19) සභා සම්මත විය. 19 November 2019
වාහන තුනක් ගැටී තිදෙනෙකු රෝහලේ පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) සවස වාහන තුනක් ගැටී සිදුවු අනතුරින් සිව් දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි. 19 November 2019
සේවයට ගිය කොන්දොස්තරට ඩිපෝවේදී පහරදෙති දිවුලපිටිය ඩිපෝවේ සේවයේ නියුතු කොන්දොස්තරවරයකුට අද(19) හිටපු ඩිපෝ අධිකාරීවරයකු ඇතුළු දෙදෙනෙකු පහර දී ඇති බවද, තුවාල ලැබූ කොන්දොස්තරවරයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය කියයි. 19 November 2019
බඹරු ඇන වතු කම්කරුවෝ 35 ක් රෝහලේ තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය. 19 November 2019
මඩකලපුවෙන් ජීව අත්බෝම්බයක් හමුවෙයි මඩකලපුව, ඉරුතයපුරම් ප්‍රදේශයේ තිබී අද(19) ජීව අත් බෝම්බයක් සොයාගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි. 19 November 2019
ඇල්පිටියේ නම් ගැසට් කිරීම ප්‍රමාදයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කළ යුතුව තිබෙන සභිකයින් තිදෙනාගේ නම් මේ වනතුරු ඒවා නොතිබීමෙන් එම නම් ගැසට් කිරිමටත් සභාව රැස්විමටත් නොහැකි වී ඇතැයි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තු පවසයි. 19 November 2019
ඉමදූව ප්‍රා. සබේ අයවැය වැඩි ඡන්ද 11 කින් සම්මතයි ඉමදුව ප්‍රාදේශීය සභාවේ 2020 වසරේ අයවැය යෝජනාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර මහතා විසින් අද (19) සභාවට ඉදිරිපත් කරන ලදී. 19 November 2019
කාන්තාවන් දෙදෙනෙකුට පහරදුන්නැයි අයෙක් අත්අඩංගුවට බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ වෙළඳසැලකට පැමිණි පිරිසක් එහි කාන්තාවන් දෙදෙනෙකුට පහරදී ඇතැයිද, සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. 19 November 2019
රිය අනතුරක් කර පලාගිය කැබ් රියදුරු අත්අඩංගුවට මරදන්කඩවල මාර්ගයේ හිනුක්කිරියාව වංගුව අසළදී විශ්‍රාමික හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පුද්ගලයන් පස්දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් පලාගිය කැබ්රථයේ රියදුරා අද(19) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 19 November 2019
කෙන්යානු කතකගෙන් කොකේන් ගුලි 20 ක් එළියට ගනී කොකේන් තොගයක් ගමන් මල්ලේ හා සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධී අන්දමට කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ ආමාශගතව තිබූ කොකේන් ගුලි 20 ක් අද (19) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී විරේක කරවා සිරුරෙන් ඉවතට ගැනීමට හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 19 November 2019
මහවැලි ගඟේ වැලිගොඩ දමන සමාගම් කාර්යාලයක් ගිනිගනී පොළොන්නරුව මනම්පිටිය පාලමට නුදුරුව මහවැලි ගඟේ වැලිගොඩ දැමීමෙහි නියුතු, භූ විද්‍යා හා පතල් කාර්යංශයට අනුබද්ධ සමාගමක කාර්යාලයක් අද(19) අලුයම ඇති වූ ගින්නකින් විනාශ වි ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි. 19 November 2019
මත්තල ගුවන්තොටුපළට එමිරේට්ස් ගුවන් යානයක් වසර 7කට පසු ගොඩ බස්සවයි කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (18) දින පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළේ බලධාරීහු පියවර ගත්හ. 18 November 2019
යතුරු පැදියක් වන අලියෙකුගේ ගැටී දැරියක් මියයයි මහඔය අරලගංවිල මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක වන අලියෙකු ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් හත් හැවිරිදි දැරියක් අද (18) ජිවිතක්ෂයට පත්වී ඇතැයි මහඔය පොලිසිය කියයි. 18 November 2019
බඳගිරියට විශේෂ පොලිස් ආරක්ෂාවක් හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුට පහරදී ඝාතනය කළ සැකකරුවන් සිව් දෙනෙකු මේ මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (18) නියෝග කළේය. 18 November 2019
ගංවතුරින් හලාවත මයික්කුලම වැසියෝ පීඩාවට හලාවත, මයික්කුලම ප්‍රදේශයට පසුගිය දින දෙකක පමණ කාලයක ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ අද (18) අලුයම් කාලයේ සිට හදිසි ගංවතුර තත්වයක් උද්ගතව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 18 November 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025