(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව , කදුරුවෙල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා රුපියල් ලක්‍ෂ 12 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ කාන්තාවක් අද (20) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් කාන්තාව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙරු මවක් බව පොලිසිය පැවසීය.
ඇගේ සැමියා වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවද පොලිසිය සඳහන් කළේය.
පොලොන්නරුව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
පොලොන්නරුව සහ ඒ අවට ප්‍රදේශ රැසකට කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමට මෙම කාන්තාව සම්බන්ධ බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd