(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොකේන් තොගයක් ගමන් මල්ලේ හා සිරුරේ සඟවා ගෙන නීතිවිරෝධී අන්දමට කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ ආමාශගතව තිබූ කොකේන් ගුලි 20 ක් අද (19) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී විරේක කරවා සිරුරෙන් ඉවතට ගැනීමට හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් අසූ ලක්ෂයකට වැඩි බව පොලිසිය පවසයි.
දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ 35 හැවිරිදි කෙන්යානු ජාතික කාන්තාව පසුගියදා 17 වැනි දා සවස අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව මෙම කෙන්යානු ජාතික කාන්තාව සහ ඇය විසින් රැගෙන විත් තිබූ කොකේන් ගුලි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙත බාර දී තිබේ.
කොකේන් සමඟ අත්අඩංගුවට ගත් සැකකාරිය ස්කෑන් පරීක්ෂණයකට ලක් කළ අවස්ථාවේ ඇය තවත් කොකේන් තොගයක්, උපත් පාලන කොපු තුළ බහා, ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වීමෙන් පසුව කාන්තාව මීගමුව දිස්ත්‍රීක් මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙන්යානු කතකගෙන් කොකේන් ගුලි 20 ක් එළියට ගනී