(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (18) දින පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළේ බලධාරීහු පියවර ගත්හ.
ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානය අද (18) සවස 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති වර්ෂාව සහිත කාළගුණය නිසා එම ගුවන් යානයේ ගුවන් නියමුවන් මුහුණ දී සිටි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ අතර එය සවස 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි.
එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07 කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.
මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්සවීමට පියවර ගෙන තිබුණි.
මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී එහි එන්ජිම වෙත කුරුල්ලන් කීප දෙනෙකු ගැටීමකට ලක් වූ බවට ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබුණි.
විධිමත් පරීක්ෂණයකින් පසුව ගුවන් යානය පිටත්වීම සිදු කරන බව ගුවන් නියමුවා පාලන මැදිරිය වෙත දන්වා තිබුණි.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රාත්‍රී 10.37 ට පැමිණ තිබේ.
ඉන්පසුව එම ගුවන් යානා ඉංජිනේරුවරයා මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව එවැනි ගැටීමක් සිදු වී නොමැති බව තහවුරු කර සහතික කර තිබේ.
ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මත්තල ගුවන්තොටුපළට එමිරේට්ස් ගුවන් යානයක් වසර 7කට පසු ගොඩ බස්සවයි
San80 Tuesday, 19 November 2019 03:56 AM
එම ගුවන් යානයට පමණක් කටුනායකට ගොඩ බාන්න බැරිවුනේ ඇයි?? දන්නේ නැති හින්දයි අහන්නේ
viraj Tuesday, 19 November 2019 04:23 AM
ටෙස්ටින් කරලා එයාර්පොර්ට් එකේ බාන්න පුළුවන් කියලා.