IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රිය අනතුරක් කර පලාගිය කැබ් රියදුරු අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
මරදන්කඩවල මාර්ගයේ හිනුක්කිරියාව වංගුව අසළදී  විශ්‍රාමික හමුදා භටයෙකු ජීවිතක්ෂයට පත් කරමින් පුද්ගලයන් පස්දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් පලාගිය කැබ්රථයේ රියදුරා අද(19) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනුක්කිරියාව ප්‍රදේශයේ පදිංචි මාර්ග ඉදිකිරීම් ආයතනයක සේවය කරන රියදුරෙකි. 38 හැවිරිදි අයෙකි.
 
මරදන්කඩවල සිට හිනුක්කිරියාව දෙසට ඊයේ(18) යතුරු පැදියකින් ගමන්ගනිමින් සිටි අඹුසැමි යුවලක් හිනුක්කිරියාව වංගුව අසලදි යතුරු පැදිය මාර්ගය අයිනේ නවතා පුද්ගලයෙකු සමග කතා කරමින් සිටි අවස්ථාවේදි ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථය යතුරු පැදියේ ගැටී ඇතැයි පොලිසිය කියයි.
 
අනතුරින් බරපතල තුවාල ලැබු අඹුසැමි යුවළ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සැමියා එදිනම මිය ගොස් තිබේ.
 
මෙසේ මිය ගොස් ඇත්තේ හිනුක්කිරියාව, ගනේවල්පොල පදිංචි විශ්‍රාමික හමුදා සෙබළෙකු වන හීංබණ්ඩාගේ රංජිත් ධර්මකීර්ති(46) නැමැත්තෙකි.
 
සිද්ධියෙන් කැබ් රථයේ සිටි පුද්ගලයන් සිවුදෙනෙකුද තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් පසුව කැබ් රථයේ රියදුරා පලා ගොස් තිබුණි.
 
අත්අඩංගුවට ගත් සැකකරු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

රිය අනතුරක් කර පලාගිය කැබ් රියදුරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site