(ක.ග.කරුණාරත්න)
මනම්පිටියේ වැලි මාෆියාවට එරෙහිව ටිපර් රථ රියැදුරෝ අද (20) පෙරවරුවේ පොලොන්නරුව කඳුරුවෙළ දී සාමකාමී විරෝධතාවක නිරත වූහ.
වැලි සමාගම දූෂිත යැයි ද ටිපර් රථවලට වැලි නිකුත් කිරීමේදී ඒකාධිකාරියක් ක‍්‍රියාත්මක වන බවත් ඔවුහු කියා සිටිති.
ටිපර් රථ 300 කට ආසන්න ප‍්‍රමාණයක් පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගය අසල නවතා වැලි මාෆියාවට විරෝධය පළකරන බැනර් එහි ප‍්‍රදර්ශනය කර තිබිණි.
නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විශේෂ අවධානයක් යොමු කර මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවද උද්ඝෝෂණකරුවෝ කියාසිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd