(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
විදේශ රටවල රැකියා දෙන බව කියා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා කර, සැගව සිටියදී අත්අඩංගුවට ගත් සංචාරක ව්‍යාපාරිකයකු දෙසැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද(20) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකළේ කටාන මිරිස්වත්ත දෙමන්හන්දියේ පදිංචි බව කියන බ්‍රයන් බර්නාඩ් ඩේවිඩ් නමැති 57 හැවිරිදි අයෙකි.
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගත් 11 දෙනාට ප්‍රංශ සහ ජපන් විසා ලබා දෙන බව පවසමින් සැකකරු ව්‍යාජ ලේඛන ලබාදී ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය. එසේ ව්‍යාජ වීසා පත් ලබාදී ඇති සැකකරු කලක් තිස්සේ චීනයට පලාගොස් සැඟවී සිටඇත.
පසුගිය දිනක ඔහු බිරිඳ බැලීමට රහසිගතව යලි ලංකාවට පැමිණ ඇත. ඒ ගැන හෙලිදරව්වීමෙන් පසු වංචාවට ලක්වූ පුද්ගලයන් මුල්වී සැකකරු අල්ලා මීගමුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට බාරදී ඇත. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප ඉල්ලා සිටියත් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු මෙසේ බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
මිගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක විජේරත්න මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉන්දික ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනීසිටියේය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදෙස් රැකියා දෙන බව කියා මුදල් වංචා කළ අයෙක් රිමාන්ඩ්