IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ

(බිඟුන් මේනක ගමගේ) 

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් දෙවැනි බස උගැන්වීම සඳහා ආරම්භ කළ ගුරු පුහුණු පාඨමාලාවක් ජනාධිපතිවරණයෙන් පසු අතරමග නතර වී ඇතැයි එම පාඨමාලාවට සම්බන්ධ වී සිටින පිරිසක් චෝදනා කරති.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් මෙම පාඨමාලාව ආරම්භ කර තිබෙන අතර ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඒ සඳහා 1600 ක පමණ පිරිසක් තෝරා ගනු ලැබ ඇත.

පාඨමාලා කාලයේදී රුපියල් 20,000ක දීමනාවක් ගෙවන බව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරීන් පවසා ඇත. පාඨමාලාව සඳහා තෝරා පත්කර ගත් බවට එම පිරිසට යොමු කර ඇති ලිපිවල සඳහන් කර ඇත්තේ පාඨමාලාව නිම කරන අයැදුම්කරුවන් එම ආයතනයේ සම්පත්දායකයන් හැටියට ලියාපදිංචි කරන බවය.  

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊට අදාළ පාඨමාලාව ආරම්භ වූ නමුත් පසුගිය සතිය දක්වාම කිසිදු ගෙවීමක් නොකළේ යැයි ද පාඨමාලාව පැවැත්වීම ගැන විස්තර ලබන 25 වැනිදායින් පසුව දන්වන බවට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයෙන් දුරකථන කෙටි පණිවුඩයක් මගින් තමන්ට දැනුම් දුන්නේ යැයි ද එම පිරිස පැවැසූහ.

අදාළ පාඨමාලාවට බඳවාගැනීම ගැන යොමු කළ ලිපියේ ඊට අස්සන යොදා ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් එවැනි පාඨමාලාවක් ආරම්භ කළ නමුත් තමා ධුරයෙහි මේ වනවිට කටයුතු නොකරන බැවින් වැඩි විස්තරයක් නොදන්නා බවයි.

මේ අතර ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ විශ්වසනීය ආරංචි මාර්ග කියා සිටියේ අදාළ පාඨමාලාව ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටිය ද ඊට සම්බන්ධවූවන්ට දීමනාවක් ගෙවීම හා ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් ලැබී නැති බවය.



අදහස් (0)

ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32039 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11239 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site