කොළඹ කුණු එකතු කිරීම පෙරවරු 6.30 සිට කොළඹ මහ නගර සභාව මගින් කොළඹ නගරයේ කුණු භාර ගැනීම අද ( 26) සිට පෙරවරු 6.30ට සිදු කරන බව නාගරික කොමසාරිස් පාලිත නානයක්කාර මහතා පැවසීය. 26 November 2019
කොල්ලකරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවම් මහරගම ප්‍රදේශයේ වෙළඳසැළකට කඩාපැන ගිනි අවි එල්ල කර එහි තිබූ රුපියල් ලක්ෂ 1 1/2කට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කොල්ලකරුවන් දෙදෙනකුට වසර 27 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා රුපියල් 90,000/- බැගින් දඩ මුදල් ද නියම කළේය. 26 November 2019
බණ්ඩාරවෙල අවට කසළ බැහැර කළ 6කට දඩ බණ්ඩාරවෙල නගරය අවට ප්‍රසිද්ධ ස්ථානවලට කැළි කසල දැමූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකුට රුපියල් 3,500 බැගින් රුපියල් 21,000ක දඩ මුදලක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (26) නියෝග කළේය. 26 November 2019
රන් අත් පළඳනාවක් සාවද්‍ය පරිහරණය කළ තරුණිය නිදහස් වෙනත් පුද්ගලයකුගේ රන් අත් පළඳනාවක් මූල්‍ය අයතනයකට උකස් කර මුදල් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණියක අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීමෙන් පසු අද (26) නිදහස් කිරීමට බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 26 November 2019
කොණ්ඩුවටුවාන ජලාශය පිටාර ගැලීමෙන් අම්පාරේ මාර්ග යටවේ ඊසානදිග මෝසම් වැසි ලැබීමත් සමඟ අම්පාර, කොණ්ඩුවටුවාන ජලාශය අද(26) පිටාර ගැලීමෙන් මාර්ග ජලයෙන් යටවී තිබේ. 26 November 2019
බලපත්‍ර නැතිව දැව රැගෙන ගිය අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි අයුරින් දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සුරියවැව කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට අද (26) අත්අඩංගුවට ගනු ලැබීය. 26 November 2019
රූමස්සල කොරල්පර අතර සිරවී ඇති නැවෙන් පරිසරයට හානි මාස හතරකට අධික කාලයක් තිස්සේ රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවි තිබෙන නැව මෙතෙක් ඉවත් නොකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ල කර තිබේ. 26 November 2019
අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට බණ්ඩාරවෙල සහ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 20ක් නිකුත් කර තිබියදී, අධිකරණ මගහරිමින් සැඟවී සිටි වරෙන්තුකරුවෙකු අද (26) ආගරපතන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 26 November 2019
බලන්ගොඩ නගර සභා අයවැය පරාදයි එක්සත් ජාතික පක්ෂයෙට සුළුතර බලය හිමිව ඇති බලන්ගොඩ නගර සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද පහකින් අද ( 26) පරාජයට පත්විය. 26 November 2019
පූජාපිටිය ප්‍රා. සභාවේ අයවැය සම්මතයි පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ 2020 වසර සඳහා වන අයවැය යෝජනාව අද (26) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත විය. 26 November 2019
නල මාර්ගයකට හානිවීමෙන් ජල සැපයුම නවතී කඩවත පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීමක් අතරතුරදී ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුවීම හේතුවෙන් එය යළි පිළිසකර කරන තුරු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන්නට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 26 November 2019
වෙඩිතැබීමේ සිද්ධියක සැකකරු අත්අඩංගුවට වාද්දුව පොතුපිටිය කටුගන්ගොඩ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු අද(26) පොතුපිටිය විහාරස්ථානයක් අසළදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි. 26 November 2019
බන්දුල ජනමාධ්‍ය ඇමැති ධූරයේ වැඩ අරඹයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නාරහේන්පිට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (26) වැඩ බාරගත්තේය. 26 November 2019
මඩකලපුවේ මාර්ග ජලයෙන් යටවෙයි මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් අතුරු මාර්ග සහ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇත. 26 November 2019
ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට පුත්තලම, නින්දෙනිය නගරයේ අවන්හලක් ලෙස අඟවා ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය තිදෙනෙකු අද(26) අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. 26 November 2019
ආගරතැන්නේ නිවසකට ගලක් පෙරැළී දරුවන් තිදෙනෙකුට තුවාල පස්සර, යූරිවත්ත ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි නිවසකට අද(26) විශාල ගලක් පෙරළී එහි සිටි දරුවන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. 26 November 2019
වැසි දියේ බැස පාසල් යන කිලිනොච්චියේ දරුවෝ පසුගිය දිනවලදී ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය හින්දු විද්‍යාලය යටවීමෙන් පාසල් සිසුහු පීඩාවට පත්ව සිටිති. 26 November 2019
මස්කෙළියේ තේවතු 10 ක උද්ඝෝෂණ වෘත්තීය අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මස්කෙළිය වැවිලි සමාගමට අයත් තේ වතු 10 ක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද (26) මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ . 26 November 2019
හොරොව්පොතාන ප්‍රා. සභාවේ මහ පුටුවට පොරයක් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. 26 November 2019
රිය අනතුරින් ත්‍රි රෝද රථ රියදුරකු මරුට මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි. 26 November 2019
මොරවක නිවාස දෙකකින් ලක්ෂ තුනක රන්භාණ්ඩ සොරගෙන මොරවක කොස්නිල්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකක් බිඳ එහි තිබූ රුපියල් 3,80,500 වටිනා මුදල් සහ රන් ආභරණ අද (25) සොරකම් කරගෙන ගොස් ඇතැයි මොරවක පොලිසිය කියයි. 25 November 2019
ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ක්‍රියා කරන පිරිස් අත්අඩංගුවට ජාතීන් අතර සහජීවනය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවන ආකාරයේ ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය අද (25) ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝගයක් නිකුක් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 25 November 2019
පාසල්වාරය නිමවීමට පෙර නිල ඇඳුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් පාසල් දරුවන්ට රජයෙන් නොමිලයේ ලබාදෙන නිල ඇඳුම් වව්චර් හෝ රෙදි කට්ටල හෝ මෙවර පාසල්වාරය නිමවීමට පෙර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 25 November 2019
ඉඹුල්පේ - බොල්තුබේ නිවාස 15 කට ගල් පෙරළීමේ අවදානමක් පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉඹුල්පේ බොල්තුබේ ප්‍රදේශයේ නිවාස 15කට ගල් පෙරළීමේ අවදානමක් ඇති වී තිබෙන බැවින් එම නිවාස වල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් බී.එම්.බී.එම්. ඒ. බටුගෙදර මහතා පැවසීය. 25 November 2019
අතුරුදන් තරුණයන් තිදෙනාගේ සිරුරු සොයාගනී මඩකලපුව - කාන්තන්කුඩිය කලපුවේ ගිලී අතුරුදන් වූ තරුණයක් තිදෙනාගේ සිරුරු අද(25) හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 25 November 2019
ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පොලිසිය ඉදිරිපිටදී අද(25) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයත් එකිනෙක ගැටී වූ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි. 25 November 2019
හැටන් මස්කෙලිය මාර්ගයේ ගමනාගමනයට බාධා මස්කෙලියේ සිට හැටන් දක්වා ධාවනය වූ බස් රථයක් ලිස්සාගොස් කාණුවකට වැටීම හේතුවෙන් හැටන් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (25) පස්වරුවේ ඇණ හිට ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය. 25 November 2019
හල්දුම්මුල්ල-කිරවනාගම මාර්ගය හරංකහවෙන් තාවකාලිකව වහයි පවතින වැසි සමග නාය යාමේ අවදානමක් නිසා හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රධාන මාර්ගය අද (25) සවස හරංකහව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 25 November 2019
කැලණි ගඟේ ජල පවිත්‍රකරණ වියදම් ඉහළට බස්නාහිර පළාතේ ජනගහණයෙන් 80%කට වැඩි පිරිසකට පානීය ජලය සපයන කැලණි ගඟේ ජලය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇතැයි ද එම නිසා එම ගංගාවේ පවිත්‍රකරණය කිරීමේ වියදම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. 25 November 2019
මසුන් අල්ලන්න ගිය 3 ක් දියේ ගිලී අතුරුදන් මඩකලපුව ප්‍රදේශයේ පොකුණක මසුන් ඇල්ලීමට ගිය තිදෙනෙකු අද (25) ඔරුව පෙරැළී අතුරුදන්ව ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි. 25 November 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025