(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව පොතුපිටිය කටුගන්ගොඩ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි සැකකරු අද(26) පොතුපිටිය විහාරස්ථානයක් අසළදී අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය කියයි.
වෙඩිතැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය හා ජීව උණ්ඩ 11ක් ද නිවස ආසන්නයේ ලඳු කැලෑවක් සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය පවසයි.
සොයාගත් එම ගිනි අවිය යුද හමුදාව භාවිත කළ එකක් බව මූලික පරීක්ෂණවලදී තහවුරු වූ බව පොලිසිය කියයි.
ඉකුත් 02 වැනි දින එම නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් නිවසට හානි වී තිබිණි.
එම සිද්ධියෙන් දින 4කට පසු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට බන්ධනාගාර ගතව සිටින කොණ්ඩ චමින්ද නමැත්තාට අයත් එකක් බවද, ඒ මොහොත වනවිට එය පොතුපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු සතුව ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය කියයි.
පානදුර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩිතැබීමේ සිද්ධියක සැකකරු අත්අඩංගුවට