(ඉන්දිකා රාමනායක)
ජාතීන් අතර සහජීවනය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවන ආකාරයේ ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය අද (25) ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝගයක් නිකුක් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
ජාතීන් අතර සහජීවනයට හා සාමයට බාධාවන ආකාරයේ සිදුවීම් වළක්වා ගැනීමට පොලිස් ජංගම සංචාර, යතුරුපැදි හා පාපැදි සංචාර කණ්ඩායම් යොදවා ක්‍රියා කළ යුතු බවට එම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
එවැනි ආකාරයේ පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේදී අදාළ පොලිස් ස්ථානය භාර සහකාර පොලිස් අධිකාරීවරයා විසින් ඒ පිළිබඳ විමර්ශනය කර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
පානදුර දකුණ ප‍්‍රදේශයේ මාර්ගයයක නමක් සඳහන් කරමින් භාෂා ති‍්‍රත්වයෙන් ප‍්‍රදර්ශනය කර තිබූ ප‍්‍රදර්ශන පුවරුවක් ගලවා එයට අනර්ථය සිදුකිරීමේ සිද්ධියක් පොලිසියට වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පානදුර දකුණ පොලිසිය දැනුම් දී ඇති බවත් රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ක්‍රියා කරන පිරිස් අත්අඩංගුවට