(ඩී.ජී.සුගතපාල)
මාස හතරකට අධික කාලයක් තිස්සේ රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිරවි තිබෙන නැව මෙතෙක් ඉවත් නොකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ල කර තිබේ.
ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රි ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය ජූලි මාසයේ 18 වැනි දින හමාගිය තද සුළඟින් නැගුංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල සිර වී තිබු අතර එහි සිටි නාවිකයින් නව දෙනා බේරාගත්තේය.
නැවේ තිබු තෙල් විසිරිමකින් පරිසර හානි ඇති විමට ඉඩ තිබු නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධික්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින් ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙන ගියේය.
එහෙත් නැව සිරවී තිබෙන ස්ථානයෙන් යළි මුහුදට යාත්‍රා කිරිමට නොහැකිවි තිබෙන අතර මාස හතරකට අධික කාලයක් තිස්සේ එම ස්ථානයේම ඇත. නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයේ තිබෙන අතර බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුවිමද තහනම් කර තැබුණද රාත්‍රි කාලයේ හොරෙන් ඇතුළු වන ඇතැම් පිරිස් නැවේ කොටස් ගලවාගෙන රැගෙන යන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මේ සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්විමේ අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ රේණුකා රණවීර මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ නැව කපා ඉවත් කිරිමට තම ආයතනයේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශ ලබා දි ඇති බවය.
මේ පිළිබඳව නැව අයත් සමාගමේ නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ .මේ වනවිට නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයේ තිබෙන අතර රක්ෂණ සමාගම් පැමිණ පරික්ෂා කිරිමෙන් පසු දෙනු ලබන උපදෙස් අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගනු ලබන බවයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රූමස්සල කොරල්පර අතර සිරවී ඇති නැවෙන් පරිසරයට හානි