IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බලන්ගොඩ නගර සභා අයවැය පරාදයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

එක්සත් ජාතික පක්‍ෂයෙට සුළුතර බලය හිමිව ඇති බලන්ගොඩ නගර සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද පහකින් අද ( 26) පරාජයට පත්විය.

නගර සභා සභාපති චමික ජයමිණී විමලසේන වැවේගෙදර මහතාගේ ප‍්‍රධානත්වයෙන් නගර සභා රැස්වීම් ශාලාවේ පැවති එම සභාවේ මාසික රැස්වීමේදී මෙලෙස අයවැය පරාද විය.

සභාපතිවරයා ගෙනා අයවැය යෝජනාවට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති චමික ජයමිණි විමලසේන වැවේගෙදර සභිකයන් වන රවීන්‍ද්‍ර කවිරත්න, එම්.ජේ.මලීසා, සුනේත‍්‍රා ඩී. වීරසිංහ, විමලසිරි මඩුවන්වල සහ තරංගනී මඩුවන්වල යන හය දෙනා පක්‍ෂව ඡන්දය දුන්හ.

ආණ්ඩු පක්‍ෂයේ සිට මීට මාස කිහිපයකට පෙර විපක්‍ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ උපසභාපති එම්.ටී.එම්.රූමි මහතා ඇතුළු හිටපු නගර සභා සභාපතිවරයකු වු නිමල් ගාමිණී වීරසිංහ සහ එම්.ජී. ශාන්ති ලේඛා යන සභිකයන් දෙදෙනා ද, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ විපක්‍ෂ නායක වසන්ත කුමාර ගුණරත්න, අකිල සාලිය එල්ලාවල, ජයන්ත පේ‍්‍රමකුමාර, නිමල් කරුණාරත්න, ලාල් ගලප්පත්ති, නදිශාන් වික‍්‍රමාරච්චි සහ ඞී.චන්‍ද්‍රලතා යන සභිකයෝ 7 දෙනාද, ජනතා විමුක්ති පෙරමුණේ කේ. ජී. පේ‍්‍රමදාස සභිකයා ද විරුද්ධව ඡන්දය දුන්හ.

ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද හයක් ද විපක්‍ෂව ඡන්ද 11 ක් ද ලැබිණි. වැඩි ඡන්ද පහකින් බළන්ගොඩ නගර සභාවේ 2020 අයවැය පරාජයට පත්විය.



අදහස් (0)

බලන්ගොඩ නගර සභා අයවැය පරාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site