IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරවෙල අවට කසළ බැහැර කළ 6කට දඩ

(ඩී.කේ.රත්න)
 
බණ්ඩාරවෙල නගරය අවට ප්‍රසිද්ධ ස්ථානවලට කැළි කසල දැමූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකුට රුපියල් 3,500 බැගින් රුපියල් 21,000ක දඩ මුදලක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා අද (26) නියෝග කළේය.
 
බණ්ඩාරවෙල බිදුණුවැව, උතුරුකැඹිල්ලෙවෙල, තන්තිරිය, ස්ප්‍රීංවත්ත සහ නගර සභා නිවාස ආදී ප්‍රදේශවල  පදිංචි පුද්ගලයින් හයදෙනෙකුට මෙසේ දඩ නියම විය.
 
බණ්ඩාරවෙල මහ නගර සභාව මහ නගර සභා බල ප්‍රදේශයේ විධිමත් ලෙස කසල එකතු කරයි. ප්‍රධාන මාර්ග හා විවිධ ස්ථානවලට කසල නොදමන ලෙස ජනතාවට දැනුවත් කර තිබියදීත් කසල බැහැර කිරීම හේතුවෙන් මෙම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
 
බණ්ඩාරවෙල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ මහ නගර සභාව මගින් ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කළහ.
=================



අදහස් (0)

බණ්ඩාරවෙල අවට කසළ බැහැර කළ 6කට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 430 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 212 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1926 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site