(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ත්‍රි රෝද රථයක් ගැටීමෙන් වූ අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි මාරවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මාරවිල හත්තිනිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන 65 හැවිරිදි සුනිල් ආනන්ද නැමැත්තෙකි.
එම තැනැත්තා, තම බිරිඳ සහ දියණිය සමඟ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී කන්ටේනර් රථය ත්‍රිරෝද රථයේ ගැටි ඇති බව පොලිසිය කියයි.
අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් කළ කාන්තාව තුවාල ලබා ඇති අතර, ඔවුන්ගේ දියණියට කිසිදු අනතුරක් සිදුව නැත.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබු අතර මාරවිල පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd