( ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වෘත්තීය අයිතිවාසිකම් කිහිපයක් මුල් කර ගනිමින් මස්කෙළිය වැවිලි සමාගමට අයත් තේ වතු 10 ක ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද (26) මස්කෙළිය මාවුස්සාකැලේ මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරත වූහ .
උද්ඝෝෂණයට එක්ව සිටි ලංකා වතු සේවා සංගමයේ උප සභාපති කෙල්ල දොරේ මනෝහරන් මහතා කියා සිටියේ මෑණියන්ගේ නොවැම්බර් මස 6 වැනි දින වතු සමාගම් 18 ලංකා වතු සේවා සංගමය සමඟ අත්සන් කරන ලද සාමූහික ගිවිසුමෙන් 25% ක පඩි වැඩිවීමක් ලබා දීමට එකඟ වූ බවයි .
එම වැටුප් වැඩි කිරීම මූලික වැටුපට එකතු කරන බව කියා සිටිය ද එය දීමනාවක් වශයෙන් ගෙ වන නිසා තම සාමාජිකය ගේ සේවක අර්ථ සාධක හා සේවා නියුක්තියන්ගේ අරමුදල හා අනෙකුත් දීමනා සඳහා බලවත් අසාධාරණයක් සිදු වී ඇති බව ය
නමුණුකුල කෑගලු මස්කෙළිය වැවිලි සමාගම් වලට අයත් අයත් තේ වතු වල සේවය කරන තම සාමාජිකයන් සඳහා මෙම 25% ඒ වැටුප් වැඩි වීම දීමනාවක් ලෙස ගෙවන බව ය තම මූලික වැටුපට මෙම 25% ය වැටුප් වැඩිවීමේ දීමනාව එකතු කරන ලෙස වතු සමාග වල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවැසීය.
තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් මෙම මස 29 වැනි දායින් පසුව ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයින් විසින් ඉල්ලීම් ඉටු වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු කියති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මස්කෙළියේ තේවතු 10 ක උද්ඝෝෂණ