IMG-LOGO

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 5 ක් රෝහලේ

(ඩබ්.ඒ.පියතිලක)

හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදී  දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වූ  ගැටුමකදී  පුද්ගලයින්  පස්දෙනෙකු තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කළ බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.

පොදුජන පෙරමුණේ ජයග්‍රාහණය වෙනුවෙන් කිරි ඉතිරවීම සඳහා සුදානම් වෙමින් සිටිය දී එක්සත් ජාතික පක්ෂයට අයත් පිරිසක් මෙම පිරිසට පහර දී ඇති බව පහර කෑමට ලක් වු පිරිස පවසති.

මෙම පහර දීම හේතුවෙන් පස්දෙනෙකු  තුවාල ලබා හිගුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රෝගීන්ගෙන් සිව්දෙනෙකු  පොළොන්නරුව මහ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති අතර එක් අයෙකු හිඟුරක්ගොඩ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි.

පහරදීම හේතුවෙන් ත්‍රීවිල් රථයකට ද අලාභ හානි සිදු කර ඇති අතර මෙම පහරදීම සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා  හිගුරක්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 5 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 439 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 220 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1941 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site