IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අලි කඩා වැදී වැලිකන්දේ ගම් තුනකට හානි

(නිමල් ජයරත්න)
 
වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන තුනකට අද (21) අලුයම කඩා වැදුණු වන අලි රංචුවක් නිවාස 12 ක් පමණ කඩා බිද ඒවායේ තිබු වී මලු රැසකට හානි සිදු කර තිබේ.

රුහුණකෙත ගම්මානයේ වෙලදසැල් දෙකක් ඇතුලු නිවාස 08 ක්ද මදුරංගල ගම්මානයේ නිවාස තුනකටද මෙම වනඅලි රංචුව විසින් හානි කර ඇත.

 ආහාරයට ගැනිමට සහ මෙවර කන්නයේ වගා කිරිමට තිබු බිජ වී ද වන අලි විසින් විනාශ කර ඇති අතර ගත වු දින කිහිපය පුරා තවත් තනි අලියෙකු විසින් වැලිකන්ද ප්‍රදේශයේ නිවාස 15 කට ආසන්න සංඛ්‍යාවක් කඩා බිද අලාභ හානි සිදුකර ඇති බව ගොවිහු සදහන් කරති.
 
මාදුරුඔය හා සෝමාවතිය ජාතික වනෝද්‍යාන වලින් ගම්වදින මෙම වන අලින් කුඩා ප්‍රමාණයේ ලදු කැලැවල සැගව සිට රාත්‍රි කාලයේදි තම නිවෙස් බිද කැමට තිබෙන වී මලු විනාශ කිරිමෙන් තමන් දැඩි අසිරුතාවයට පත්ව සිටින බව වැලිකන්ද කොට්ඨාසයේ ගම්මාන රැසක ගොවිහු පෙන්වා දෙති.
 
පසුගිය කාලවල රජය විසින් විවිධ ව්‍යාපාරිකයන්ට මහා පරිමානයෙන් ඉඩම් ලබා දිමත් එහි කැලැ විනාශ කිරිමෙන් වන අලි ගම්වැදිමට ප්‍රධාන හේතුවක් බවත් ප්‍රදේශයේ විදුලි වැටවල් අක්‍රිය විම තවත් හේතුවක් බවද ප්‍රදේශවාසින් සදහන් කරති.



අදහස් (1)

අලි කඩා වැදී වැලිකන්දේ ගම් තුනකට හානි

SENA Thursday, 21 November 2019 07:25 AM

අලි ඉතින් කෙරුවොත් ඔහොම වැඩක් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32038 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site