(ක.ග.කරුණාරත්න)
බකමූණ,අත්තනකඩවල ප‍්‍රදේශයේදී අද (25) අලුයම එක් දරු පියකු ඔහුගේ නිවෙස තුළදී පහරදී මරා දමා ඇතැයි බකමූණ පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අත්තනකඩවල,යාය 26, අංක 235, යන ලිපිනයේ පදිංචි සේනාධීර පොල්වත්තලාගේ අනුර සේනාධීර (44) අයයි.
මෙම පුද්ගල ඝාතනයට සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd