(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටියදි අතුරුදහන් වූ ධීවරයගේ සිරුර අද (23) දින උදෑසන සින්නපාඩුව වෙරළට ගොඩගසා ඇති බව උඩප්පුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්වී ඇත්තේ මීගමුව කටුවැල්පිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ 55 වියැති සිව්දරු පියකු වන එම්.ඒ. එඩ්වඩ් කිංස්ලි ප්‍රනාන්දු නැමැති අයකු බව උඩප්පුව පොලිසිය කියයි.
ඊයේ (22) දහවල් මාදැල් ඇදීමේ නිරතව සිටියදී මාදැල ඇදීමට ට්‍රැක්ටරයේ සවිකර දීම තිබූ කඹය කැඩීයාමෙන් වෙරළ ආසන්නයේ සිටි ධීවරයා මුහුදට විසිවි යාමෙන් අනතුරුදහන්ව සිටි බව කියයි .
පසුව ධීවර යාත්‍රා යොදා ගනිමින් සොයා තිබුණද හමුවි නොතිබු බව කියයි.
කෙසේනමුත් මෙම ධීවරයාගේ සිරුර අද (23) දින වෙරළට ගොඩ ගසා තිබීමෙන් පසු එම ස්ථානයට පැමිණි පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවීර මහතා දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට සනාථ කර තිබුණි.
සිද්ධිය සම්බන්ධව උඩප්පුව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාදැල් ධීවර කාර්මිකයාගේ සිරුර හමුවේ