( දියතලාව - ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ඉලෙක්ටෝරනික උපකරණ අලෙවි කිරීමේ වෙළඳසැළක අද (23) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළදසැල සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතයි බණ්ඩාරවෙල පොලීසිය කියයි.
මෙම ගින්න හේතුවෙන් මෙම වෙළඳසැලේ තිබූ අලෙවි උපකරණ සියල්ලම ගින්නට හසුවී විනාශ වී ඇති අතර මෙම ගින්නෙන් සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 15ක් පමණ වෙතැයි වෙළඳසැලේ හිමිකරු පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. විදුලි කාන්දුවීමක් නිසා මෙම ගින්න ඇතිවන්නට ඇතයි පොලිසිය සැකකරයි.
බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd