(රොමේෂ් මධුෂංඛ)
යාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4 ක් තිබී සොයාගත් බව අද(28) යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් ලද බුද්ධි තොරතුරකට අනුව කලපුවේ පඳුරු කැලෑවක සඟවා තිබී පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
මෙම පුපුරණ ද්‍රව්‍ය පාර්සල් 8 ක අසුරා තිබී ඇත.
මසුන් තහනම් අයුරින් මැරීමට ධීවරයින් මෙම පුපුරණද්‍රව්‍ය තොගය භාවිතා කිරීමට රැගෙන එන්නට ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි.
පුපුරණද්‍රව්‍ය තොගය හා ඩෙටනේටර් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පියවර ගත්හ.

2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයේ කලපුවකින් පුපුරණ ද්‍රව්‍ය සොයාගනී