(විජේරත්න රත්නායක)
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හතේ කණුව ප්‍රදේශයේදී අද (26) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පැවසීය .
බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට එකම පවුලේ තිදෙනෙක් රැගෙන ධාවනය වූ මෝටර් රථයක් හාලිඇල උඩුවර පිහිටි කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන වේල්ලේ ගලෙක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.
අනතුරට හේතුවක් අනාවරණය වී නොතිබූ අතර හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානයට වේල්ලක් කියන්නේ ඇයි? දන්නා කෙනෙක් පහදන්න