(සිරංගිකා ලොකුකරවිට)
මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ පානය කර කුඹුරෙහි වැඩ ආරම්භ කරන ලෙස වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවසීය.අද (28) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු මේ දිනවල ආරම්භ කරන බැවින් එම කාලය තුළ සතිපතා මෙම ඹෟෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය සේවා කාර්යාල මගින් හෝ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඖෂධය නොමිලේ ලබා ගතහැකි බවත් එසේ නොමැතිනම් සුළු මුදලක් ගෙවා ඔසු සලකින් ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
ගොවිතැනෙහි යෙදෙන්නන් පමණක් නොව පස් හා මඩ ආශ්‍රිතව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු මෙම ඖෂධය ගැනීම අනිවාර්ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.
තද උණ සමඟ මස්පිඬු වේදනාව පවතින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රථිකාර ලබාගැනීමෙන් සංකූලතා ඇතිවීම වළක්වාගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඹුරට බැසීමට පෙර ඖෂධ ගන්න