( ප්‍රදීප් කුමාර )
මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඥාතීන් වෙනුවෙන් උපහාර පිදීමේ උළෙලක් කිලිනොච්චිය, ධර්මපුරම් ප‍්‍රදේශයේ සංවිධානය කර තිබිණි.
කොටි ත‍්‍රස්තවාදී සංවිධානය මෙරට තුළ කී‍්‍රයාත්මක වු කාළ වකවානුවේදී කොටි සංවිධානය විසින් මිය ගිය ත‍්‍රස්තවාදීන් සැමරීම සදහා සෑම වසරකම නොවැම්බර් මස 27 දින මහ විරු දිනය නමින් නම් කර තිබිණි.
ඒ අනුව මෙවරද විවිධ පිරිස් එම දිනය මුල් කර ගනිමින් විවිධ සැමරුම් සංවිධානය කොට තිබු අතර එහිදී කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ සිට මිය ගිය පිරිස් විරුවන් ලෙස එහිදී සැමරීම සිදු කරන ලදි . එමෙන්ම කොටි සංවිධානයේ නිල පුෂ්පය වන නියගලා පුෂ්පය සහිත බැනර් යොදා පහන් දල්වමින් ඔවුන් මෙය සමරන ලදි .
මෙම අවස්ථාව සදහා උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය වරයෙකු වු ටී කුරකුලරාජා හා කොටි සංවිධානයේ සිට මිය ගිය පිරිස් වල ඥාතීන් ඇතුලූ පිරිසක් සහභාගී විය




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd