IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලංකා වතු සේවා සංගමය තෙවන දිනටත් විරෝධතාවක

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
ලංකා වතු සේවා සංගමයේ සේවකයෝ පිරිසක් අද(28) බ්‍රන්ස්වික් තේ වතුයායේ සමාජ ශාලා ගොඩනැඟිල්ල හා තලවාකැලේ වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී   විරෝධතාවක නිරතවූහ.
 
මෙම විරෝධතාවයට මස්කෙළිය වැවිලි සමාගමට අයත් මස්කෙළිය ප්‍රදේශයේ  පිහිටි, ස්ට්‍රැත්ස්පී, බ්‍රන්ස්වික්, මෝකා, ග්ලැනුජි, ලක්ෂපාන, මරේ, ග්ලෙන්ටිල්ට්, මාවුස්සාකැලේ, හපුගස්තැන්න, බ්‍රවුන්ලෝ, ඩීසයිඩ්, තලවාකැලේ,ෆෙයරෝම්, ශාන්ත ක්ලෙයාර් හා ටෘෆ්  යන තේ වතු 14 ක සාමාජිකයෝ 700 ක පමණ පිරිසක් එක්ව සිටියහ.
 
මොවුන් විරෝධතාවෙයේ යෙදෙන තෙවන දිනය අද(28)යි.
 
ලංකා වතු සේවක සංගමයේ විධායක මණ්ඩල සභික සෞන්දර්රාජ් චන්ද්‍රමෝගන් මහතා  කියාසිටියේ, මස්කෙළිය වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 18 ක්  එක්ව නොවැම්බර් 6 වන දින වතු සේවක සංගමය සමග අත්සන් තබන ලද එකඟතා ගිවිසුම අනුව 25% ක වැටුප් වැඩිකිරීමකට එකඟතාව පළ කළ බවත්,  රිචඩ් පීරිස් සමාගම යටතේ ඇති මස්කෙළිය, නමුණුකුල හා කෑගලු යන වැවිලි සමාගම්වලට අයත් වතුවල  එම වැටුප් වැඩිකිරීම මූලික වැටුපට එකතු නොකර දීමනාවක් වශයෙන් ලබා දෙන බවත්ය.
 
මෙම හේතුව නිසා තමන්ගේ සේවක අර්ථ සාධක හා සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදල මෙන්ම අනෙකුත් දීමනාවලටද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවද, මෙම අසාධාරණය හේතුවෙන් මස්කෙළිය වැවිලි සමාගමට අයත් වතු 14 ක ලංකා වතු සේවා සංගමයේ  සාමාජිකයින් නොවැම්බර් මාසයේදී වැටුප ලබා ගැනීම වර්ජනය කරමින් විරෝධතාවයේ යෙදෙන බවද හෙතමෙ පැවසීය.
 
වැටුප් වැඩි කිරීම, මූලික වැටුපට එකතු කර ලබා දෙන ලෙස මස්කෙළිය වැවැලි සමාගමේ වගකිවයුත්තන්ට හා අනෙකතුත් බලධාරීන්ට දැනුම් දුන්නද මේ දක්වා ඊට විසඳුමක් ලබා දී නොමැති බව කී ඒ මහතා විසඳුමක් ලබා නොදුනහොත් ඉල්ලීම් ලැබෙන තෙක්  ලංකා වතු සේවක සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද කීය.



අදහස් (0)

ලංකා වතු සේවා සංගමය තෙවන දිනටත් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site