(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනෝන් වතුයායේදී බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතු කම්කරුවන් 10දෙනෙකු අද(28) බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ. එස්. කේ. ජයසූරිය මහතා පැවසීය.
වතුයායේ ගසක බැඳ තිබු බඹර වදයක් කඩා ගැනීමට උකුස්සකු තැත්කිරීම හේතුවෙන් බඹරු ඇවිස්සී ඇතැයි කම්කරුවෝ පැවසූහ.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු සහ පුරුෂයන් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd