(වසන්ත චන්ද්‍රපාල)
පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ, ‘විස්කි පොයින්ට්’ මුහුදේ ගිලෙමින් සිටි තරුණයෙකු බේරාගැනීමට විස්කි පොයින්ට් ඒකකයේ පොලිස් නිලධාරීහු අද(01) සමත්වූහ.
මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ පොතුවිල් ඌරණි ප්‍රදේශයේ පදිංචි සී.ආර්. සදීස් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.
අද දහවල් මෙම තරුණයා මුහුද අසළ ගලකට නැගී මාලු අල්ලමින් සිටියදී, මුහුදට වැටී දිය රළකට හසුවී මුහුදේ මීටර් 200 ක පමණ දුරට ගසා ගෙන ගොස් ගිලෙමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ඔහුව බේරා ගෙන තිබේ.
මේ දිනවල මුහුද රළුව පවතින බැවින් ජීවිතාරක්ෂක නිලධාරීන්ට මෙම තරුණයා මුහුදෙන් ගොඩ ගැනීමට විනාඩි 20 ක පමණ ගතවී තිබේ. මුහුදෙන් ගොඩට ගත් විගස මෙම තරුණයාට ප්‍රථමාධාර ලබාදී 1919 ගිලන් රථයකින් පොතුවිල් මූලික රෝහලට යවා ඇත.
විස්කි පොයින්ට් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් (10200) එන්.ජී.නුවන්, පොලිස් කොස්තාපල් (43536) කේ.ජී.සුදත්, පොලිස් කොස්තාපල්(66252) බී.එම්.මහේශ්, පොලිස් කොස්තාපල් (70305) යු.ආර්.එස්.සම්පත් යන නිලධාරීහු මෙම තරුණයා බේරාගත්හ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මුහුදු රළට හසු වූ තරුණයෙකු බේරාගැනේ