(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ, රත්තොට පිටකන්දවත්තේ වතු නිවාස පේළියක් කඩාවැටීමේ අවදානම් තත්වයක් මතුවීම හේතුවෙන් පවුල් 16ක පුද්ගලයින් 49 දෙනෙකු සහන කඳවුරක් වෙත අද(02) යොමු කළ බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වසර ගනනාවක සිට නිසි නඩත්තුවක් කර නොමැති එම වතු නිවාස පේළිය වර්ෂාවත් සමග බිත්තිපුපුරා කඩා වැටීමේ අවදානම් තත්වයක් පත්ව තිබූ බවද එම මධ්‍යස්ථානය කියයි.
අනතුරුව අපදාවට පත්වූවන් පිටකන්ද විද්‍යාලය වෙත යොමුකිරීමට රත්තොට ප්‍රාද්ශීය ලේකම් දිනිප්‍රිය හේරත් මහතාගේ උපදෙස් දී තිබිණි.
මාතලේ දිස්ත්‍රික් ලේකම් එස් එම් ජි කේ පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපදාවට පත්වුවන් සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී චමින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නායයාමේ අවදානමකින් රත්තොට වතු පවුල් 16ක් ඉවත් කෙරේ