වැරදි ලෙස මණික් ගරා අත් අඩංගුවට බගවන්තලාව පෙට්ට්රොසා වත්තේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි හය දෙනකු අත් අඩංගුවට ගත් බව බොගවන්තලාව පොලිසිය කියයි 19 August 2017
ගිනි අවි දෙකක් සමග තරුණයෙක් සැකපිට ඉංගිරිය හඳපාන්ගෙඩ ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උණ්ඩ 4ක් හා තහනම් පිහියක් ළඟ තබාගත් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි 19 August 2017
නමගිය හොරෙකු බුලත්සිංහලින් අල්ලයි බුලත්සිංහල ,පානදුර ,කළුතර දකුණ ප්‍රදේශවල නිවාස බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධ කරුවකු සොරකම් කල භාණ්ඩ රැසක් සමග කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත් අඩංගුවට ගෙන ඇත. 18 August 2017
ත්‍රිරෝද රිය ප්‍රපාතයට පෙරළි හතරක් රෝහලට හෙම්මාතගම හතේ කණුව අසලදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි 18 August 2017
පන් යායට ගිනි ගනී හලාවත - කුරුණෑගල මාර්ගයේ මුනනේෂ්වරම දේවාලයට ආසන්නයෙන් වූ වියළී පන් යායක හටගත් ගින්නක් අක්කර 15 ක පුරා පැතිර ගොස් ඇතැයි පොලිසිය කියයි. 18 August 2017
ආයුධ ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ඉංගිරිය හඳපාන්ගොඩ කාමර කුලියට ලබාදෙන ස්ථානයක සිදු කළ වැටලීමකින් එහි හිමිකරු සතුව තිබු ගිනිඅවි දෙකක්, උණ්ඩ හයක් හා කඩු දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 18 August 2017
දේවහූවේ වැව් රක්ෂිත පිළිබඳ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිට පැමිණිල්ලක් මාතලේ ගලේවෙල දේවහුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් වැව් රක්ෂිත ප්‍රදේශ කිසියම් පිරිස් විසින් වසර ගණනාවක් තිස්සේ බලෙන් අල්ලා ගෙන සිටිම නිසා වැව්වලට විශාල හානියක් සිදුව ඇති බව දේවහුව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති. 18 August 2017
ගඩොල් කපන්නන්ට අතහිත තංගල්ල ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත පිරිස් සදහා ආධාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර ඒ යටතේ ප්‍රදේශයේ ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරත හා අලුතින් මෙම කර්මාන්තයට එක්වීමට කැමැත්තක් දක්වන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (17) පෙරවරුවේදී තංගල්ලේදී පැවැත්විණ. 17 August 2017
වැරදි විධියට මාළු අල්ලා දඩ කයි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද විත්තිකරුවන් දෙදෙනෙකුට ගාල්ල ප්‍රධාන මහේසත්රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා එක් අයෙකුට රුපියල් විසි දහස බැගින් රුපියල් හතළිස් දහසක දඩ නියම කලේය 17 August 2017
ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න දඹානේ කැකුලෝ කැකුලියේ දළදාවඳින්න එති මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව අද (17) උදාවිය 17 August 2017
බිබිලේ පැණි දොඩමට නරක දසාවක් බිබිලේ පැණි දොඩම් විකුණාගැනීමට නොහැකිව ගොවීහු අසරණ වී සිටිති. 17 August 2017
කෑමට නුසුදුසු පොල්තෙල් හා බීම තොගයක් වත්තලින් අල්ලයි පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් සිදු කළ හදිසි සෝදිසියකදී ලක්ෂ තුනක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදු පොල් තෙල් තොගයක් සහ සිසිල් බීම වර්ගයක බෝතල් 9000 ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවක තිබී අත් අංඩගූවට ගෙන ඇත. 17 August 2017
කෑගල්ලේ 1100 ක් අත්අඩංගුවට කෑගල්ල පොලිස් කොට්ඨාශයේ අද (17) අලුයම කරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ බව කියන 1100 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 17 August 2017
‘දුම්මලදෙණියෙන් ගිංඔයට අප ජලය මුදා හරියි‘ වෙන්නප්පුවේ මහා පරිමාණ සත්ව නිෂ්පාදන ආයතනයකට පිරිසිදු ජලය මුදාහැරිමට ලබා දුන් බලපතක් භාවිතා කර උතුරු දුම්මලදෙණිය ප්‍රදේශයෙන් ගිංඔයට අප ජලය බැහැර කිරිමේ වැඩපිළිවෙලක් අනාවරණය වූ බව වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි. 17 August 2017
මාතරත් සමෘද්ධියට ගැටුම් සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද (16) මාතර නගරයට පැමිණ විරොධතාවක නිරත වූහ. 16 August 2017
කම්කරුවා ඇද වැටී මරුට ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක අයත් ඉදි කෙරෙමින් පවතින නව ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් බිමට වැටීමෙන් එහි කම්කරුවකු මරු මුවට පත්ව ඇතැයි ගම්පහ පොලීසිය පවසයි. 16 August 2017
සමෘද්ධියට කහවත්තෙත් ගැටුම් සමෘද්ධි සහනාධාරය අහිමි විම නිසා අභියාචනා බාර දිමට පැමිණි සමෘද්ධි ලාභීන් පිරිසක් සමෘද්ධි කප්පාදුවට ඵරෙහිව බැණ වදිමින් හු කියමින් හැසිරිම හේතුවෙන් කහවත්ත ප්‍රදේශිය මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද (16) පෙරවරුවේ දැඩි නොසන්සුන් කාරි තත්ත්වයක් ඇතිවිය 16 August 2017
දඩයක්කරු බඳින තුවක්කුවට බිලිවෙයි කැබිතිගොල්ලෑව වැන්දාකන්දේ වෙසෙන වන සතුන් දඩයම් කිරීමට බඳින තුවක්කුවක් බැඳීමට ගිය දඩයක්කරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි 16 August 2017
සමෘද්ධි ලාබීහු අම්බලන්තොටදී පාර වසති අම්බලන්තොට සමෘද්ධිලාභිහු සමෘද්ධිය කැපීමට එරෙහිව අම්බලන්තොට නගරයයේ දී අද (16) විරෝධතාවක නිරත වූහ. 16 August 2017
විදුලිසැර වැදී මව හා පුතු මරුට පුලස්තිපුර නිවසක විදුලි වයරයකින් විදුලිය කාන්දු වීමෙන් මවක සහ පුතකු විදුලිසැර වැදී අද(16) මියගිය බව පුලස්තිපුර පොලිසිය කියයි. 16 August 2017
මැණික් ඉල්ලම් කියුබ් අටක් අත්අඩංගුවට මාරබේ - දෙයියාගල මාර්ගයේ ගැටහැත්ත ප්‍රදේශයේදී පැති බැම්මක් ඉදි කරන මුවාවෙන් මැණික් ගැරීමේ නිරත වූ ස්ථානයක් වටලා මැණික් ඉල්ලම් කියුබ් අටක් අද (16) අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. 16 August 2017
ක්‍රීඩාපිටිය අල්ලගත්තැයි මඩකලපුවේ විරෝධතා මඩකලපුව වාලච්චේන මුරාවෝඩෙයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනය පිහිටි ඉඩම කිසියම් පිරිසක් විසින් අල්ලාගනු ලැබ ඇතැයි විරෝධය පාමින් ප්‍රදේශවාසීහු පිරිසක් මඩකලපුව පිල්ලයාරඩි දේවාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. 16 August 2017
සමෘද්ධි උද්ඝෝෂණයෙන් මාතර උණුසුම් වෙයි සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද(16) මාතර නගරයට පැමිණ පැවැත්වු උද්ඝෝෂණයක් හේතුවෙන් අම්බලන්තොට නගරයේ දැඩි උණුසුම් තත්වයක් හට ගැනිණි. 16 August 2017
ගල්කිරියාගම රක්ෂිතයේ සතුන් මැරූ හතක් අත්අඩංගුවට අනුරාධපුර ,මාතලේ හා කුරුණෑගල දිස්ත්‍රික් මායිමේ කහල්ල පල්ලේකැලේ රක්ෂිතයේ ගල්කිරියාගම කොටසේ සිදුකළ මෙහෙයුමකදී මුවන් මැරූ දඩයක්කරුවන් වැලි ජාවාරමුන් හා හරක් සොරකමේ ගිය පිරිසක් අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම වනජීවී කාර්යාලය පවසයි. 16 August 2017
තාණ්ඩිකුලම වැසියෝ දුම්රිය මග අහුරති වවුනියාව ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගවල ස්ථාපිත කර ඇති සංඥා අලූත්වැඩියා කර දුම්රිය ගේට්ටුකරුවන් යොදවන ලෙස ඉල්ලා වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශවාසීහූ පිරිසක් අද (15) තාණ්ඩිකුලම දුම්රියපොල ආසන්නයේදී දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ. 15 August 2017
හරක් හොරකමේ ගිය කාරය ගිනිගනී ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල අද(14) අලුයම ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන විනාශ වූ බව බද්දේගම පොලිසිය පවසයි. 14 August 2017
ගම්පහ රණවිරු ස්මාරකය විවෘත කෙරේ ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වියුක්තිකයින්ගේ ගම්පහ දිස්ත්‍රික් සංගමය විසින් ගූවන් පාලම - ජාඇල පාර වට රවුමේ ඉදිකරන ලද රණවිරු ස්මාරකය විවෘත කිරීම නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවි විජේගූණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13)සිදු කෙරිණි. 13 August 2017
විශ්ව විද්‍යාල අපේක්ෂකයෝ සයිටම් විරෝධී පාගමනක සයිටම් ආයතනය අහෝසි කර රජයේ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස ඉල්ලා විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අපේක්ෂක ශිෂ්‍යයෝ පිරිසක් අද (13) ගම්පහ නගරයේදී පා ගමනක් පැවැත්වුහ. 13 August 2017
සයිටම් විරෝධී සත්‍යග්‍රහයක් බදුල්ලේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් , වෛද්‍ය පීඨ සිසුන් සහ දෙමාපියෝ පිරිසක් බදුල්ල මහ රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති. 13 August 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025