( සනත් ගමගේ / ක්‍රිෂාන් ජීවක ජයරුක්/ එස්.ඩී කොඩිකාර)
සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද(16) මාතර නගරයට පැමිණ පැවැත්වු උද්ඝෝෂණයක් හේතුවෙන් අම්බලන්තොට නගරයේ දැඩි උණුසුම් තත්වයක් හට ගැනිණි.
මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට රැස් වු ඔවුහු විරෝධතා පා ගමනකින් මාතර ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණි අතර එහිදී විරෝධතාකරුවෝ මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිරකොට උද්ඝෝෂණයේ නිරත වූහ.
පසුව විරෝධතාකරුවෝ පා ගමනින් මාතර කොටුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිටට ගොස් කෑ කෝ ගසමින් විරෝධතාවය පෑහ. ඔවුහු බලහත්කාරයෙන් එම කාර්යාලයට ඇතුළුවීම වළක්වා ගැනීම සදහා ආරක්ෂක අංශය හා පොලීසිය එහි ගේට්ටු වසා දැමීය.
ඉන් අනතුරුව විරෝධතාකරුවන්ගේ නියෝජිතයින් පස් දෙනෙකුට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුළු වීමට ඉඩ ලබා දුන් අතර ඔවුනට බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
මේ අතර කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ලාභීහු පිරිසක් ද කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ.




(ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්)

(ඡායාරූපය-එස්.ඩී කොඩිකාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාරම බලන් ඉන්නේ නැතුව තමන්ගේ ආදායම් මාර්ගයක් හදාගන්න බැරිද , මේවා වැඩකරන අපේ බදු මුදල් , මෙරට පිටරට වැඩකරන ජනතාවගේ බදු මුදල් , කරුණාකරලා මේ සහනාධාර චින්තනේ වෙනස්කරන්න කාලේ හරි , අරහෙ ඉන්දියාවෙන් මිනිස්සු වැඩට හොරෙනුත් එනවා , අපේ රටේ සමහරු වැඩකරන්න මහන්සිවෙන්න කැමති නැහැ