ගැබිණි මවුවරුන්ට ජනපතිගෙන් පෝෂණ මල්ලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මාපිය ගුණානුස්මරණය නිමිති කරගෙන පොලොන්නරුව වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වෙසෙන ගැබිණි මවුවරුන් 450කට පෝෂණ ආහාර මල්ලක් ඇතුළු උපකරණ කට්ටලයක් බැගින් පරිත්‍යාග කළේය. එම අවස්ථාවට ජනපති ආර්යා ජයන්තා සිරිසේන මහත්මිය සහ දූ දරුවන් ඇතුළු පවුලේ ඥාතීහු සහභාගී වූහ. 02 September 2017
රුහුණු වෛද්‍ය සිසුහු විරෝධතාවක රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් සිසුවා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් වෛද්‍ය සිසුහු පිරිසක් අද (31) කරාපිටිය රුහුණු වෛද්‍ය පිඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. 31 August 2017
කුණු දැමීමට එරෙහිව විරෝධතා නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් පතන නගරයේ කැළි කසල බැහැර කිරීමට එරෙහිව පතන ප්‍රදේශවාසීහු පිරිසක් පනත නගරයේදී අද (31) උද්ඝෝෂණයක නිරත වූහ. 31 August 2017
මානිංගමුව රක්ෂිතයේ නිදන් හැරුවැයි තුනක් සැකපිට තන්තිරිමලේ මානිංගමුව පුරාවිද්‍යා රක්ෂිතයේ ගල් තලාවක නිදන් හාරමින් බව කියන සිටි යුධ හමුදා කෝප්රල්වරයකු ඇතුළු තිදෙනකු අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 31 August 2017
අරණායක කාර්මික නිලධාරීන් හතරක් ගැන පරීක්ෂණ අරණායක ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ දී විවිධ අක්‍රමිකතා සිදුකළැයි කියන අරණායක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය සභාවේ සේවය කළ කාර්මික නිලධාරීන් (ටීඕ) සිව්දෙනකු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 31 August 2017
කිරි ඉබ්බන් මැරූ දෙන්නෙක් අත්අඩංගුවට ගලෙන්බිදුණුවැව ඌරාකොටේ ගම්මානයේ වැවෙහි කිරි ඉබ්බන් හතර දෙනෙකු මරා මස් කරමින් සිටියදී අද(31) සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 31 August 2017
වවුනියාවේ ලොරි දෙකක් ගැටී අයෙක් මරුට වව්නියාව කලුකුණ්නම්මඩු ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ අද (30) අලුයම ලොරි දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකදී පුද්ගලයෙකු මිය ගොස් තවත් 4 ක් තුවාල සිදුව ඇති බව ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි. 30 August 2017
සංචාරක හෝටලයට පැන්න 5ක් කොටුවෙති කල්පිටියට - උච්චමුනේ දූපතේ පවත්වාගෙන යන සංචාරක හෝටලයක කබානා කඩා ඒවායේ තිබූ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ සොරකම් කරගෙන ගොස් අලෙවි කළ බව කියන සැකකරුවන් 5 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 30 August 2017
මෝදි විවෘත කළ දික්ඔය රෝහලේ හෙද හිඟයක් දික්ඔය මුලීක රෝහලේ පවතින හෙද හිඟය හේතුවෙන් එම රෝහලේ දැඩි සත්කාර ඒකකය හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමට නොහැකි තත්වයක් උදා වි ඇත. 29 August 2017
සහල් වංචාවකට දෙදෙනෙක් සැකපිට දුරකතන භාවිතයෙන් රුපියල් 438000 ක් වටිනා සහල් ගෝනි 150 ක් තිස්සමහාරාම සහල් මෝලකින් ඇනවුම් කර එම සහල් තොගය සාවඥ පරිහරණය කිරීම, මුදල් නෙගෙවා වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනාමත සංවිධානාත්මක සොර කල්ලියක සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල නගරයේදී සහ ගම්පහදී අද (28) අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි. 28 August 2017
ආණමඩුවේ නිවසක් අළුවෙයි ආණමඩුව කොට්ටුකච්චිය කජුවත්ත ප්‍රදේශයේ නිවසක අද( 28 ) දහවල් ඇතිවු ගිනි ගැනිමකින් නිවස සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 28 August 2017
ත්‍රිකුණාමල සිසුන්ට කොළඹදී ශිෂ්‍යත්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසැල් වල ඉගෙනුම ලබන දුවා දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවක් කොළඹ නව නගර ශාලාවේදී අද(28) පැවැත්විණි. 28 August 2017
කිලිනොච්චියේ පුද්ගයෙක් කපා දමලා කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේදී ඉරිදා (27) සවස ට්රැක්ටරයකින් පැමිණි පිරිසක් විසින් පාපැදියකින් යමින් සිටි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් එම පුද්ගලයා රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය පොලීසිය කියයි. 28 August 2017
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 27 August 2017
වන අලි දෙන්නෙක් නිසා වලස්මුල්ල බියෙන් දින කිහිපයක් තිස්සේ ගම්වැදී ඇති වන අලින් දෙදෙනකු නිසා වලස්මුල්ල අවට ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 26 August 2017
ආබාධිත නිවික භටයෙක් සමාධි ප්‍රතිමාව අසල උපවාසයක රණවිරුවන් සිර ගෙදරට රැගෙන යාම වළක්වන්නැයි ඉල්ලමින් විශ්‍රාමික නාවික හමුදා ආබාධිත රණවරුවකු අද (26) පෙරවරුවේ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව අභියස දී උපවාසයක ආරම්භ කළේය. 26 August 2017
බදුල්ලේ පොලිස් යතුරුපැදිවලට කැමරා බදුල්ල පොලිස් බල ප්‍රදේශයේ මාර්ග නීති කඩකරන රියදුරන් හා වෙනත් වැරදි සිදුකරන පුද්ගලයින් පහසුවෙන් හඳුනාගැනීම සඳහා බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ නව පොලිස් යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකළ බව කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න ඒකනායක මහතා පවසයි. 24 August 2017
ග්‍රාම නිලධාරීට පහර දුන්නැයි විරෝධතා වැලි ව්යාපාරිකවරයකු අම්බලන්තොට වලවවත්ත නැගෙනහිර වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ රාජකාරියට බාධා කරමින් පහර දී ඇතැයි විරෝධය දක්වමින් හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (23) අම්බලන්තොට නගරයයේදී විරෝධතාවක් පැවැත්වීය. 23 August 2017
සාමසර කන්ද අසල නිවසක මළ සිරුරක් අරණායක සාමසර කන්ද ආසන්නයේ පල්ලේබාගේ පාළු නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි මහලු පුද්ගලයකුගේ බව කියන මළ සිරුරක් අද (23) සොයාගත් බව අරණායක පොලිසිය පවසයි. 23 August 2017
හලාවත රථවාහන ඕඅයිසීගේ නිවස ගිනි ගනී හදිසි ගින්නකට හසුවීමෙන් හලාවත මුලස්ථාන පොලිසියේ රථවාහන ඒකකයේ ස්ථානාධිපතිගේ බව කියන නිවසක් අද (23) දහවල් මුළුමණින්ම විනාශ වි ඇතැයි හලාවත පොලිසිය කියයි. 23 August 2017
රන්මාල කැඩුවැයි අයෙක් අත්අඩංගුවට යතුරු පැදිවලින් පැමිණ කාන්තාවන්ගේ රන්මාල කඩාගන්නා කොල්ල කල්ලියක සාමාජිකයකු බව කියන පුද්ගලයකු අද (23) වවුනියාව පට්ටාන්චූර් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 23 August 2017
වැලිගෙපල දිසා රෝහලේ වෛද්‍යවරු හිඟයක් වැලිගෙපල දිසා රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති විම නිසා රෝගීහු දැඩි ලෙස අපහසුතාවට පත්ව තිබේ . 23 August 2017
අක්මා රෝගී දරුවා සුව කරගන්න ආධාර පතයි මීගොඩ දාම්පේ අංක 135/ බී නිවසේ පදිංචි මාස හතක් වයසැති දිනද සියසර දරුවා දරුණු අක්මා රෝගයකින් පෙලෙන බැවින් මේ වන විට රාගම උතුරු කොළඹ රෝහලේ විශේෂඳ වෛද්‍ය ශාමන් රජීන්ජිත් මහතා යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. 23 August 2017
පුත්තලමේ නියඟයෙන් පොල්ගස් දස දහසක් විනාශයි පුත්තලම දිස්ත්‍රික්කයට බලපා ඇති දරුණු නියඟය නිසා පොල් ගස් 10000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වි ඇතැයි පොල් වගාකරුවෝ පවසති. 22 August 2017
ත්‍රී රෝද රථ රියදුරුගේ ඇප ඉල්ලීම විසිවේ ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාල සිසුවියක (22) බරපතල ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින ත්‍රිරෝද රථ රියදුරුවරයකුගේ ඇප ඉල්ලීම අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (22) තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය. 22 August 2017
කාත්තාන්කුඩියේ ධීවරයෝ උද්ඝෝෂණයක ධීවරයන්ගේ මසුන් මුහුදේ දී හොරකම් කිරීම ඇතුළු ඔවුන් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් ඉල්ලා කාත්තාන්කුඩියේ ධීවරයෝ පිරිසක් අද (21) උද්ඝෝෂණයක නිරත වුහ 21 August 2017
සංවිධානාත්මක කල්ලියක් ’පාර්ම්ගාඩ්න්’ වත්තේ බලෙන් රැදී සිටිති කුරුවිට පොලිස් වසමේ පිහිටි පාර්ම්ගාඩ්න් වත්තට අයත් කොස්ගල කොටසේ පැල රබර් සහ අස්වනු නෙලන රබර් ගස් පිහිටි ඉඩම සංවිධානාත්මක කල්ලියක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇති බව බළන්ගොඩ වැවිලි සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් කුරුවිට පොලිසියට පැමිණිලි කර ඇත. 21 August 2017
පොලිස්පති සත්තියසායි රෝහල විවෘත කරයි මඩකලපුව කිරාන්කුලම් ශ්‍රී සත්තියසායි මධ්‍යස්ථානයේ ඉදි කරන ලද රෝහල අද (20) පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අතින් විවෘත කෙරිණ. 20 August 2017
දෙබරුන්ට බයේ වැටණු ගස ඉවත් කන්න කවුරුත් නෑ මීරිගම වරකාපොළ මාර්ගයේ කැබැල්ලවිට හන්දිය අසල දෙබර කූඩ බැඳ තිබූ දෙල් ගසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ගම්වාසීහු පවසති 19 August 2017
තාවකාලික කඩ ගිනි ගණන් හලාවත - මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ මංගල්‍යය සමය වෙනුවෙන් තාවකාලිකව ඉදිකරණු ලබන ව්‍යාපාරික ස්ථාන සදහා අධික බදු මුදලක් අය කිරීම නිසා තමන් දැඩි අපසුතාවයට පත්ව සිටින බව එම ව්‍යාපාරිකයින් සදහනස් කරයි. 19 August 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025