(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් පතන නගරයේ කැළි කසල අක්‍රමවත්ව බැහැර කිරීමට එරෙහිව පතන ප්‍රදේශවාසීහු පිරිසක් පනත නගරයේදී අද (31) උද්ඝෝෂණයක නිරත වූහ.
කාලයක් තිස්සේ පතන නගරයේ කසළ බැහැර කිරීම නිසා මේ වනවිට මැස්සන් බෝවී ඇති බවත් මේ හේතුවෙන් තමන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
මින් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවත් කසළ වෙනත් ස්ථානයකට ක්‍රමවත්ව බැහැර කරන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතන නගරයේ වැසියන්ට දැන් තියෙන්නේ පතනේ දෙයියන්ට භාරයක් වෙන්න තමා